දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් හා යුද අපරාධ සම්බන්ධයෙන් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට ...
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් හා යුද අපරාධ සම්බන්ධයෙන් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ අවධානය යොමු විය යුතු බව පවසමින් අද (02) දිනයේ ඔහුගේ උතුරු සංචාරය අතරතුර විරෝධතාවයක් පවත්වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පාලත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (01) යාපනයේදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "යාපනයට එන එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාට අපි දැනුම් දෙනවා යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචිවූවන්ගේ ප්‍රශ්න ගැන. එහිදී දැනට පවතින ඉඩම් ගැටලු, නැවත පදිංචි කිරීමේ ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම හා ඔවුන්ගේ පවුල් ගැටලු වගේම යුද සමයේදී සිදුවුන යුද අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීම සඳහා විදේශිය විනිසුරුවරුන් අවශ්‍යය බව කියන කාරණා සම්බන්ධයෙන් කොහොම හරි අපි මහලේකම්වරයා දැනුවත් කරන්න පියවර ගන්නවා. ඒ නිසා මේ ගැටලු වලට මුහුණ දෙන සියලුම වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට 12 වන විට පැමිණෙන ලෙසට" යනුවෙන් පැවසීය.
අද දිනයේදී ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතා උතුරේ සංචාරය කිරීමට නියමිත අතර එහිදී පළමුව උතුරු ආණ්ඩුකාරවරයා හමුවීමත් ඉන්පසුව උතුරු මහ ඇමති සී.වී විග්නේස්වරන් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නියෝජිතයින් හමුවීමටත් නියමිතය.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS