දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිදහස් අධ්‍යාපනයේ පියා නමින් ශාකයක් (PHOTOS)
Homeප්‍රවෘත්ති

නිදහස් අධ්‍යාපනයේ පියා නමින් ශාකයක් (PHOTOS)

PropellerAds

සූරියකන්ද ප්‍රදේශයෙහි තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කර ත...

ශෝක ප්‍රකාශ යෝජනාවේදී රනිල් සම්ප්‍රදාය කඩකළා... මියගිය අමරකීර්ති මන්ත්‍රීතුමාට දෙවරක්ම අගෞරව කළා... කණ්ඩායම් රැස්වීමේදී අපි රනිල්ට ඒක පෙන්වා දුන්නා - සුමන්තිරන් (VIDEO)
චීන තානාපති පොළොන්නරු ගෙදරටම ගොස් මෛත‍්‍රී හමුවේ - සක්‍රීය දෙශපාලනයට ඒම රටට අත්‍යවශ්‍ය බව කියයි
මහින්ද ගියාට පස්සේ පළමුවරට පාර්ලිමේන්තුවේ කතා කරයි! අරගලකරුවන්ට බරපතළ චෝදනාවකුත් එල්ල කරයි!
නිදහස් අධ්‍යාපනයේ පියා නමින් ශාකයක් (PHOTOS)

සූරියකන්ද ප්‍රදේශයෙහි තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කර තිබේ.

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සූරියකන්ද අරුණාලෝක අඩිවියෙහි දොළක තිබී මෙම නව කෙකටිය විශේෂය සොයාගත් බවයි.

'ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි' ලෙස නම් කර ඇති මේ නව කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එය අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි හෙවත් ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ විශේෂයක් ද වේ.

මෙය දැනට හමුවී අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණි. මෙම ස්ථානය පිහිටියේ සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙසේය.

ගාල්ල හා මාතර දිස්ත්‍රික් දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී මෙම කෙකටිය විශේෂය හමු වූ බව සභාපති‍වරයා පැවසීය.

එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි සිතූ හෙයින් ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබේ.

ඉන් වසර 04කට පසුව 2016 අගෝස්තු මාසයේ දී මෙම කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇත.

මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ජාත්‍යන්තර පයිටොටැක්සා නම් විද්‍යා පර්යේෂණ සඟරාවේ අගෝස්තු 31 වැනි දින කලාපයේ ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි ශාකය සොයා ගැනීමට පෙර මෙරට වාර්තා වී තිබුණේ කෙකටිය විශේෂ 04ක් පමණි.

කෙකටිය ශාකය ඇපනොජෙටෝන් යන ඝන නාමයෙන් හඳුන්වන අතර මෙතෙක් හමුවී තිබූ විශේෂ හතරෙන් හෝටන් තැන්න හා නුවරඑළියේ දක්නට ලැබෙන ඇපනොජෙටෝන් ජාකොබෙන්සි හා පහතරට තෙත් කලාපයේ හමුවන ඇපනොජෙටෝන් රිජිඩිෆෝලිඅස් නම් කෙකටිය විශේෂ 02 ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබිණි.

නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කෙකටිය විශේෂ සංඛ්‍යාව 05ක් වන අතර ආවේණික කෙකටිය විශේෂ සංඛ්‍යාව 03ක් බවට පත්වේ.

මෙම නව සොයා ගැනිම සිදුකර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් වන එහි සභාපති මධුර ද සිල්වා මහතා, සුපුන් දේශප්‍රේම මහතා සහ ප්‍රින්ස් මනම්පේරි යන මහත්වරුන් විසිනි.

මෙහි විශේෂත්වයක් වන්නේ එය මෙරට පර්යේෂකයන් විසින් ලෝකයට හඳුන්වාදුන් ප්‍රථම ජලජ පැලෑටි විශේෂය වීමයි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් සියලුම ජලජ පැලෑටි පිළිබඳ පර්යේෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ විදේශිකයන් විසිනි. 

අවසන්වරට මෙරටින් නව ජලජ පැලෑටි විශේෂයක් හමු වී ඇත්තේ ද 1985 දී ය. ඒ අදින් වසර 31ට පෙරාතුවය.

කෙකටිය ශාකයේ සොයාගැනීම පිළිබඳ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ පැවසීය.

"ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙකේ ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණයක් පවත්වද්දී අපි මේ ශාකය දැක්කා. එහි ඇති වෙනස්කම් අවබෝධ වූ නිසා අපි මේ ශාකය නව විශේෂයක් ද කියා සොයා බැලීමට අදාල පරීක්ෂණ ආරම්භ කළා. වසර කිහිපයක්ම ඒ ගැන සොයාබලා අපිට තහවුරු කරගන්න පුළුවන් වුණා මෙය මෙතෙක් ලෝකයෙන් හමු නොවූ ශාකයක් බව. ඒ අනුව අදාල පර්යේෂණ වාර්තාව සකස් කරලා ඉදිරිපත් කළා. දැන් එය ලෝකයට අලුත් නව විශේෂයක් බව ජාත්‍යන්තරව පිළිඅරගෙන තිබෙනවා. පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ මධුර ද සිල්වා රිච්මන්ඩ් ආදි සිසුවෙකි. එමෙන්ම පර්යේෂණයේ නිරත වූ සියලු දෙනා මෙන්ම පර්යේෂණ පවත්වාගෙන ගිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සාමාජික සාමාජිකාවෝ ද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූවෝය. කනන්න්ගර මහතා ද රිච්මන්ඩ් ආදි සිසුවෙකි."

ඒ අනුව නව ශාකය ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාවන සී.ඩබ්ලිව්.ඩබිලිව්. කන්නන්ගර නමින් නම් කිරීමට එම සංගමයත් පර්යේෂකයන් තිදෙනාත් තීරණය කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මධුර ද සිල්වා මහතා,"  මෙම පර්යේෂණය සිදුකරද්දී අපිට විශාල පිරිසකගෙන් සහයෝගය ලැබුණා. අපේ සංගමයේ සියලුම දෙනාගෙන්. ඒ වගේම ජෛව විවිධත්ව සමීක්ෂණයට සම්බන්ධ වූ විශාල පිරිසක් හිටියා. පර්යේෂණ කටයුතු ආරම්භ කළ දිනයේ සිට ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගෙන් ලැබුණු සහය අපමණයි. ඔවුන් සියලු දෙනාම අපි ඉතාමත් සතුටින් සිහිපත් කරනවා. "යනුවෙන් පැවසීය.

ඡායාරූප පහතින්.

අරුණාලෝක අඩවිය

සොයාගත් ස්ථානය

ගාල්ල - ලලිත් චාමින්ද

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29402,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිදහස් අධ්‍යාපනයේ පියා නමින් ශාකයක් (PHOTOS)
නිදහස් අධ්‍යාපනයේ පියා නමින් ශාකයක් (PHOTOS)
http://ift.tt/2ctcig9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/photos_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/photos_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy