ගිනිගත්හේන - නෝටන්බිජ් හරහා මස්කෙළිය ප්‍රධාන මාර්ගය අද (05) උදෑසන සිට ලබන 12 වැනිදා දක්වා තාවකාලිකව වසා දමා තිබේ. ඒ ගිනිගත්හේන දියගල හරහා...
ගිනිගත්හේන - නෝටන්බිජ් හරහා මස්කෙළිය ප්‍රධාන මාර්ගය අද (05) උදෑසන සිට ලබන 12 වැනිදා දක්වා තාවකාලිකව වසා දමා තිබේ.
ඒ ගිනිගත්හේන දියගල හරහා නෝටන්බිජ් ප්‍රධාන මාර්ගයේ විදුලිපුර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අලුතින් ඉදිකරන යකඩ පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙනි.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමක් පරිදි මෙම මාර්ගය වසා දැමීමට පියවර ගත් බව නෝටන්බ්‍රිජ් පොලීසිය කියයි.
එම මාර්ගයේ ගමන්ගන්නා මගීන්ට පාලම ඉදිකරන දෙපස දක්වා පමණක් බස් රථ ධාවනය කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර එම ස්ථානයේදී බස් රථ දෙකට මගීන්ට මාරුවීමට අවස්ථාව සලසා දී තිබේ.
සෙසු වාහන හැටන් මාර්ගය ඔස්සේ සහ ලක්ෂපාන කොත්තැල්ලෙන හතරේ කණුව මාර්ගය ඔස්සේ හා ලක්ෂපාන දෙකේ කණුව මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සටී.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS