ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එහි වෘත්තීය සමිති අරඹා තිබූ...
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එහි වෘත්තීය සමිති අරඹා තිබූ වැඩවර්ජනය ඊයේ (27) සවස අවසන් කෙරුණේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දුවක් මතය.
ඉල්ලීම් 17ක් මුල්කරගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයින් මෙම සේවයෙන් ඉවත්ව සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළේ පසුගිය 26වනදායි.
මෙම විරෝධතා ව්‍යාපාරයෙන් පසු වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එයද අසාර්ථකවීමෙන් ඔවුන් යළිත් වැඩවර්ජනයෙහි නිරතවිය.
ඉන්පසුව ඊයේ සවස නැවත වරක් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝජිතයෙකු හා සභාපතිවරයෙකු සමඟ පැවති සාකච්ඡාවේදී අනෙකුත් ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවක් මත වැඩවර්ජනය තාවකාලිකව අත්හැරීමට සේවකයින් එකඟතාවය පළකළේය..
මෙම ඉල්ලීම්වලට අමතරවබ කොමිෂන් සභාවේ සභාපතිවරයා සේවයෙන් ඉවත් කළයුතු බවට යම් සේවක පිරිසක් මතයක සිටින අතර තවත් සේවක පිරිසක් සභාපතිවරයා ඉල්ලා අස්නොවිය යුතු බවට මතයක සිටී.
COMMENTS