දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එජාපය මුස්ලිම් අපිව රැවට්ටුවා " - මුස්ලිම් සමුළුව කියයි
Homeප්‍රවෘත්ති

"එජාපය මුස්ලිම් අපිව රැවට්ටුවා " - මුස්ලිම් සමුළුව කියයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නායකයන් හා මුස්ලිම් දේශපාලන නායකයන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා බොරු ප්‍රචාර කරමින් ...

පොහොට්ටු මහලේකම් ලොකු හෙළිදරව්වක් කරයි? මහපාර හරස් කරලා ජවිපෙට මැයි දිනය තියන්න අවසර දුන්න ප්‍රබල හස්තය කවුද? (VIDEO)
ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවට ඇති වෙයි... යලි නොඉල්ලන්න තීරණය කරයි
මහේල ජාතික ක්‍රීඩා සභාවෙන් අයින් වෙයි! ඉල්ලා අස්වීමේ ලියුම යවයි!
ක්සත් ජාතික පක්ෂයේ නායකයන් හා මුස්ලිම් දේශපාලන නායකයන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා බොරු ප්‍රචාර කරමින්  මුස්ලිම් ජනතාව බිය ගන්වමින් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර මුස්ලිම් ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය නොදුන් බව සත්‍යක් බවද,
ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ කළ ප්‍රකාශයක් විකෘති කරමින් මුස්ලිම් සමාජ මාධ්‍යජාලා හරහා ප්‍රචාරය කරමින් මුස්ලිම් ජනතාව බියට පත්කරමින් සිටිනවා යැයිද රත්නපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් නායකයන් එක හ¾ඩින් පවසා සිටී.

මොවුන් මෙම ප්‍රකාශය සිදුකළේ පසුගියදා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර  දිස්ත්‍රික් සංවිධායක ඉස්මත් හාජ්ජයාර්ගේ කුරුවිට නිවෙසේදී පැවැති  මාධ්‍ය හමුවකදීය.

එහිදී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක ඉස්මත් හාජ්ජයාර් මෙසේද කීය: උතුරේ හා නැඟෙනහිර බහුතර මුස්ලිම් ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දී ඇති බව අපි පිළිගන්නවා. එයට හේතුව මුස්ලිම් දේශපාලන නායකයන් හා එක්සත් ජාතික පක්ෂයේ අය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළොත් මුස්ලිම් අයට කරදර වෙයි කියා  අපේ ජනතාව බියට පත්කළ නිසයි.  නමුත් දකුණේ  ඉන්න මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ගෝඨාභය මහතාට ඡන්දය දුන්නා. සමහරු ඡන්දය දුන්නේ නෑ.  මේ වුණු වැරැද්ද දැන් මුස්ලිම් ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා.  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව වසර 30ක යුද්ධය නිමා කළ එකෙන් වැඩියෙන් නිදහස ලැබුවේ මුස්ලිම් ජනතාවයි. එය අපේ ජනතාව අමතක නොකළ යුතුයි. අපි ඉදිරි දිනවලදී මේ තත්ත්වය අපේ ජනතාවට පහදා දී ඔවුන්ගේ ඡන්ද ඉදිරි මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවා මේ රට යළි නඟාසිටුවීමට කටයුතු කරනවා.

රත්නපුර මහ නගර සභාවේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රි මොහොමඩ් සියාම්: පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ සිංහල,  මුස්ලිම් හා දෙමළ සියලු ජනතාව‍ගේ වාසනාවටයි. අපි ඉපදුණු මේ රට හැර අපිට වෙන රටක් නෑ. යුද්ධය නිමාකර උතුර, නැඟෙනහිර ඉන්න අපේ ජනතාවටත් නිදහසේ ජීවත් වන්න වටපිටාව සකස් කර දුන්නේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් බව මුස්ලිම් ජනතාව අමතක නොකළ යුතුයි. මේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තා නම් අන්තවාදීන්ගේ අදහස් ඉටුවනවා. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව නැතිවෙනවා. පසුගිය පාස්කු ප්‍රහාරයෙනුත් වුණේ ඒ දේමයි. ඒ සිදුවීමෙන් පසු අපේ ජනතාවට  පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. ඒකට මුස්ලිම් දේශපාලන නායකයන් වගකිවයුතුයි. තවදුරටත් මුස්ලිම් ජනතාව අන්තවාදී දේශපාලකයන්ගේ මුසාබස්වලට රැවටෙන්න එපා.

රත්නපුර දිස්ත්‍රික් මුස්ලිම් කාන්තා සංවිධානයේ ලේකම් හා බළන්ගොඩ නගර සභා අපේක්ෂිකා වී.ටී.ජී. නියාස්: මේ රටට තිබුණු කාලීන ප්‍රශ්නය නිරාකරණය කරගත්තා කියා අපි හිතනවා. අපිට ඕන වුණේ රටට හොඳ නායකයෙක්, හොඳ පාලනයක්. අපිට දැන් සතුටක් ඇති වනවා. ඒ සඳහා මුස්ලිම් යම්කිසි පිරිසක් අපට උදවු කළා.  අන්තවාදයට, අරගලවාදයට, ජාතිවාදයට අකැමැති අය අපිට ඡන්දය ලබාදුන්නා. අපි ඒ අය සමඟ අත්වැල් බැඳගෙන ඉතුරු අයටත් සත්‍ය වටහා දී ඉදිරියට යන්න කටයුතු කරනවා. ගෝඨාභය මහත්තය ජයග්‍රහණයෙන් පසු දිවුරුම් දෙන වෙලාවෙදී කිව්ව කථාව සත්‍යයක්. ඒක තමයි යථාර්ථය. ඒකට හේතුවී තිබෙන්නේ මුස්ලිම් දේශපාලන නායකයන් විසින් එක්සත් ජාතික පක්ෂයට හැර වෙන කාටවත් ඡන්දය දෙන්න එපා කියලා මුස්ලිම් ජනතාවගේ මොළ හෝදලා තිබීමයි. මුස්ලිම් අයගේ මුල් බැසගත් මතයක් තමයි මුස්ලිම් අය එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දිය යුතුයි කියලා. ඒ අනුවයි සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දුන්නේ. ගෝඨාභය මහතා බලයට ආවොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියලා මුස්ලිම් ජනතාව රවට්ටලයි තිබෙන්නේ. මම කැන්වසින් ගිය නිසා මේ තත්ත්වෙ හොඳට දන්නවා. එකසත් ජාතික පක්ෂයට ඡන්දය ලබා ගැනීමට මුස්ලිම් ජනතාව  රවට්ටලයි තිබෙන්නේ. සමහර මුස්ලිම් අයගේ මුල් බැසගත් දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න ඕනි කියන එක. අනෙක් එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්න පැත්ත කුරිරුයි කියන එක මුස්ලිම් ජනතාගේ ඔළුවලට කාවද්දලයි තිබුණේ.

අපි අපේ ජනතාවට කොච්චර කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය දෙන්න කියා සමහරු එය පිළිගත්තේ නෑ. දැන් අපි මේ අයට සත්‍ය අවබෝධ කරදීමටත් කටයුතු කරමින් ඉන්නවා. මුස්ලිම් සමාජ මාධ්‍යය හරහා යන බොරු වළක්වා ගන්නටත් අපි එකතුවෙලා කටයුතු කරන්න ඕනි.  මම මුස්ලිම් වුණත් සිංහල භාෂාව පිළිබඳ උපාධිධාරි ගුරුවරියක් නිසා දන්නවා සිංහල අයගේ හා ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් ගැන. ඒ අය උතුම් මිනිස්සු. හරිම කාරුණිකයි. ඔවුන්ගෙන් අපේ ජනතාවට කවදාවත් කිසිම  ප්‍රශ්නයක් ඇතිවන්නේ නෑ. අපි ඉදිරියේදී මේ සම්බන්ධව මුස්ලිම් ප්‍රජාව දැනුවත් කර සිදුවුණ වරද නිවැරැදි කර ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරට ලබාදීමට කටයුතු කරනවා.

රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මුස්ලිම් සංවිධානයේ ලේකම් කුරුවිට ප්‍රාදේශීය සභා අපේක්ෂක එම්.බී.එම්. පයිරූස්: එතුමා එදා කිව්වේ මම මේ රට ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් යන සෑම ජාතියකටම අයත් ජනතාවට ආරාධනා කර සිටියේ ඉදිරියේදී තමන් සමඟ එක්වන ලෙසත්,  මෙම මැතිවරණයේදී තමන් අපේක්ෂා කළ තරමේ සතුටු විය හැකි ඡන්ද ප්‍රමාණයක් මුස්ලිම් හා දෙමළ අයගෙන් නොලැබුණු බවත් පමණයි. ඒක අපි අවංකව පිළිගන්න ඕනි. උතුර, නැඟෙනහිර ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබුණේ සජිත් ප්‍රේමදාස මහතාට බව ඇත්ත. නමුත් බේරුවල, හාරිස්පත්තුව, පානදුර වැනි මුස්ලිම් ඡන්ද බහුතරයක් තිබෙන ප්‍රදේශත් රත්නපුර හා රක්වාන  ආසනයත් මුස්ලිම් හා දෙමළ අයගේ ඡන්දත් සමඟ ගෝඨාභය මහතා ජයගත්තා. උතුර, නැඟෙනහිර මුස්ලිම් හා දෙමළ ඡන්ද එතුමට නොලැබුණත් දකුණේ මුස්ලිම් හා දෙමළ ඡන්ද එතුමට  ලැබුණා.

කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක,


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එජාපය මුස්ලිම් අපිව රැවට්ටුවා " - මුස්ලිම් සමුළුව කියයි
"එජාපය මුස්ලිම් අපිව රැවට්ටුවා " - මුස්ලිම් සමුළුව කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGLu5psZUso2n5khmJcBeNDEuyABfAIpxzriG1K6j0ySbByvM4C8ljJ1vbuPUfBo4JH_EFBEZI5yPVWNb7emRWbGWQWsAU1V1oWccYxMaSGESGLO7Y03TjOb4H3tHd46KuaQH_wKKj1C5P/s320/5ddb459bdb67f_fk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGLu5psZUso2n5khmJcBeNDEuyABfAIpxzriG1K6j0ySbByvM4C8ljJ1vbuPUfBo4JH_EFBEZI5yPVWNb7emRWbGWQWsAU1V1oWccYxMaSGESGLO7Y03TjOb4H3tHd46KuaQH_wKKj1C5P/s72-c/5ddb459bdb67f_fk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_353.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_353.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy