ජාත්‍යන්තරයේ භාවිතා වන නව රසායනික හා විද්‍යාත්මක ක‍්‍රම යොදා ගනිමින් සීගිරි බිතුසිතුවම් සංරක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහය ලබාගැනී...
ජාත්‍යන්තරයේ භාවිතා වන නව රසායනික හා විද්‍යාත්මක ක‍්‍රම යොදා ගනිමින් සීගිරි බිතුසිතුවම් සංරක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහය ලබාගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තරයේ භාවිතකරන නව රසායනික විද්‍යාත්මක ක්‍රම යොදාගනිමින් සිගිරී චිත්‍ර සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ ඉක්‍රොම් (ICCROM) ආයතනය මෙරටට සහය පළකිරීමට සුදානමින් සිටී.
එම කටයුත්ත සඳහා සංරක්ෂණය ප්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳ අන්තර්ජාතික ආයතනය වන ඉක්‍රොම් (ICCROM) ආයතනයේ විශේඥයකු වන වනර් ස්මිත් මහතා ඊයේ (05) මෙරටට පැමිණියේය.
ස්මිත් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර මේ සම්බන්ධයෙන් ඊයේ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
සීගිරි චිත්‍රවලට කුමක් වී ඇත්ද යන්න පිළිබඳ සිදුකළ අධ්‍යයන වාර්තා පදනම් කරගනිමින් සංරක්ෂණයට අවශ‍්‍ය උපදෙස් සහ නව තාක්ෂණය ඔහුගෙන් ලබාගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ ජනාරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
සීගිරි චිත්‍ර සම්බන්ධයෙන් සිදුකළ වාර්තාවේදී විනාශ වී ඇති චිත්‍ර වර්ග මොනවාද යන්න එහි සඳහන් වන අතර,පතුරු ගැලවීම, චිත්‍ර ආරක්ෂා කිරීම සඳහා දීර්කාලයක් එන්නත් ලබාදීමේදී එන්නත් තුඩවල් චිත්‍ර තුළ පැවතීම, සිමෙන්ති බදාම යොදාගනිමින් කුහර වැසීම ආදිය ඒ යටතේ දක්වා තිබේ.
ස්මිත් මහතාගේ උපදෙස් අනුව සීගිරි චිත්‍ර සංරක්ෂණය කිරීමට නියමිත අතර, දඹුලු ලෙනද ස්මිත් මහතාගේ නිරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
COMMENTS