අද (05) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හිරු දෘෂ්‍ය ලෙස ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හොරණ, බුලත්සිංහල, ඕකන්...
අද (05) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හිරු දෘෂ්‍ය ලෙස ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හොරණ, බුලත්සිංහල, ඕකන්ද, මොල්ලිගොඩ සහ බලන්ගොඩ යන ප්‍රදේශවලට අද දිනයේ හිරු දෘෂ්‍ය ලෙස දක්නට හැකිවනු ඇත.
එම ප්‍රදේශවල ජනතාවට අද දහවල් 12.09 ට එය දැකගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය මස 28 වනදා සිට මේ මස 07 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට හිරු ඍජුවම ඉහළින් පවතී.
මේ අතර අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
COMMENTS