දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිනුවන්ගොඩ පාසලකින් ප්‍රාග් ඓතිහාසික පුරාවස්තු මතුවේ
Homeගොසිප්

මිනුවන්ගොඩ පාසලකින් ප්‍රාග් ඓතිහාසික පුරාවස්තු මතුවේ

PropellerAds

මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද  මහා විද්‍යාල භූමියේ ස...

'පොලිසියේ මහත්තයා මාව දූෂණය කළා'
දශ ලක්ෂ දහසකට යූනියන් පෙදෙසේ ඉඩමක් විෂන් කෙයා මිලට ගනී.
'ගම්මන්පිලට අධිකරණය නොතකා අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැහැ'
මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක
නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද  මහා විද්‍යාල භූමියේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව
කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල
කටුගම්පොළ මහතා ඊයේ 28 පැවසීය..

දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවති බවට ගම්වාසීන්  අතර පැවති තොරතුරක් මත කරනු
ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය මංගල කටුගම්පළ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ
මූල්‍යමය අනුග්‍රහය මත මෙම කැණීම් කටයුතු ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.


කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාරය චන්දිම බෝගහවත්ත පුරාවිද්‍යා පශ්චාත්
උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මෙම
කැණීම් කටයුතුවල යෙදී ඇත.
දෙවලපොළ පාසලට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි
කුටීරවලින් නිමැවූ සුසාන භූම්ය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොළොවේ ඔරුවක් හැඩය ඇතිව
මැටි ගසා සාදන ලද  බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අළු දමා තැන්පත් කර තිබියදී හමුවී තිබේ. කීප
දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටි තුළ ඇති බව විශ්වාස කෙරේ.

මෙවැනි සුසාන භූමි දැකිය හැකි වන්නේ තෙත් කලාපයේ හා අන්තර් සංක්‍රාන්තික මධ්‍ය කලාපයේ බව
ආචාර්ය මංගල කටුගම්පොළ මහතා සඳහන් කළේය. මෙවැනි සුසාන භූමි උඩරංචමඩම, කලෝටුවාව
ප්‍රදේශයන්ගෙන් සොයා ගෙන ඇති බවත් ගස්පේ ප්‍රදේශයේ ඇති බවට වාර්තා වී ඇති බවත් කටුගම්පොළ
මහතා කීය. දැනට හමුවී ඇති කොටස් භෞතික ලක්ෂණ අනුව වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන
කළ හැකි යැයිද මෙම පර්යේෂණය තුළින් විධිමත් කාල නිර්ණයක් තීරණය කිරීම, හමුවී ඇති අවශේෂ
කොටස්වලින් එදා ජනතාව ජීවත්වූ අන්දම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ හා සමාජීය
පසුබිම හෙළිකරගැනීමට හැකි වෙතැයිද කටුගම්පොළ මහතා සඳහන් කළේය.
ලැබී ඇති අඟුරු සාම්පල් විශ්ලේෂණය කිරීමෙන් කාල නිර්ණය කිරීමත් වළං කටුවලින් එදා මිනිසා ගේ
සංස්කෘතික හා සාමාජීය ලක්ෂණ අනාවරණය කර ගැනීමටත් ඔවුන්ගේ අවමගුල් චාරිත්‍ර පිළිබඳව හෙළි කර
ගැනීමටත් අපේක්ෂා කෙරෙන අතර තවදුරටත් කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිනුවන්ගොඩ පාසලකින් ප්‍රාග් ඓතිහාසික පුරාවස්තු මතුවේ
මිනුවන්ගොඩ පාසලකින් ප්‍රාග් ඓතිහාසික පුරාවස්තු මතුවේ
http://ift.tt/2dt2W46
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_905.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_905.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy