තම අමාත්‍යාංශයේ නිලධාරීන්ව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් කැඳවා තිබෙන අවස්ථාවකදී ඔවුන්ව එම ඒකකයට නොයැවීමට අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා කළ...
තම අමාත්‍යාංශයේ නිලධාරීන්ව පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් කැඳවා තිබෙන අවස්ථාවකදී ඔවුන්ව එම ඒකකයට නොයැවීමට අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශය හොරුන්ට ඔක්සිජන් සැපයීමක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 18 වැනිදා කෝට්ටේ, මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිල නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, "අපරාධ නඩු විධාන සංග්‍රහ පනතින් කරුණු දන්නා ඕනෑම අයෙකු කැඳවීමට පොලීසියට හා පොලීසියට සම්බන්ධ ආයතනවලට නෛතික බලය තිබෙනවා. මෙහෙම තියෙද්දි වජිර අබේවර්ධන ඇමතිතුමා, එතුමාගේ අමාත්‍යාංශයේ සේවකයන්ට එෆ්.සී.අයි.ඩී.යෙන් කැඳවීමක් තිබුණාම ඔහු කියනවා 'යන්න එපා. මම බලාගන්නම්' කියලා. ඒක හරි පුදුම කතාවක්. ඒක හොරුන්ට ඔක්සිජන් සැපයීමක් ලෙස මම දකිනවා. අපේ අමාත්‍යාංශයේ කවුරු හරි එෆ්.සී.අයි.ඩී. එකෙන්, අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණොත් මම ඒ සේවකයාට වාහනයක්, මුදල් දීලා යන්න කියනවා." ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාවට නංවන නිලධාරීන්ට බාධා කිරීමට ඇමතිවරුන්ට අයිතියක් නැති බවත් වජිර අමාත්‍යවරයා සිදුකළේ නීතිය අභිබවා යාමක් බවත්ය.
එම වීඩියෝව පහතින්.
COMMENTS