හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ කාලයට දෙවසරකට පෙර ජනාධිපතිවරණය කැඳවන්නට සූදානම් වෙද්දී එය සිදුකිර...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ කාලයට දෙවසරකට පෙර ජනාධිපතිවරණය කැඳවන්නට සූදානම් වෙද්දී එය සිදුකිරීමෙන් වළකින්නැයි තමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් එක්ව ප්‍රකාශ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ ය.
ඒ මහතා මේ බව පැවසුවේ මේ වනවිට බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සර සමුළුවේ ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ හිටපු ජනාධිපතිවරයා නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයකට සූදානම්වූයේ ඒ වනවිට රට තුළ ඇතිවෙමින් තිබූ ආර්ථික අර්බුදයට හා මානව හිමිකම් කොමිසමට මුහුණදීමට තිබූ නොහැකියාව නිසා බවයි.
වසර 70 කට පෙර සිංහල, දමිල හා මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ සියළුම දෙනා එකමුතු කරගෙන සංහිඳියාව ගොඩ නගන්න ඩී. එස්. සේනානායක, එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයා එදා ගත් උත්සාහය මෙතෙක් අන් කිසිවෙකුගෙන් ඉටුවී නොමැති බවත් අද එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කාරණය තේරුම් ගෙන එය ඉටු කිරීමට ගන්නා උත්සාහය සාර්ථික කර ගැනීමට සියළු දෙනාගේ සහාය බලාපොරොත්තු වන බවත් ජනපතිවරයා මෙහිදී කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා තමාට ලැබුණු ජනවරමේ වැඩිම පාර්ෂවකාරයින් සිටිනා පක්ෂයේ 70 වැනි සංවත්සරයට ආරාධනා ලැබීම හා ඇමතීමට ලැබීම විශාල සතුටක් බවයි.
COMMENTS