නව දේශපාලන බලවේගය වෙනුවෙන් පෙනී සිටීම නිසා අසත්‍ය චෝදනා නගමින් තමන් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්...
නව දේශපාලන බලවේගය වෙනුවෙන් පෙනී සිටීම නිසා අසත්‍ය චෝදනා නගමින් තමන් සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
බස්නාහිර පළාත් සභාවේ පොදු අරමුදලේ තිබූ රුපියල් කෝටි හතක මුදලක් අවභාවිත කර ඇතැයි සඳහන් කරමින් පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බවත් තමා සෑම විටම කටයුතු කළේ විනිවිදභාවයෙන් යුතුව බවත් කුමන්ත්‍රණවලින් තමාගේ දේශපාලනය නතර කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සියලුම මන්ත්‍රීවරුන්ට පළාත් සභාවේ අනුමැතිය ඇතිව ප්‍රතිපාදන වෙන්කර ව්‍යාපෘති සිදුකළ බවත් නීත්‍යනුකූලව මුදල් වෙන් කරගනිමින් පළාත් සභාවේ දැක්ම මෙහෙවර අනුව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළ බවත් ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS