දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මෙහෙම කතා ඇහෙනකොට මට හිනා යනවා' - මහින්ද
Homeප්‍රවෘත්ති

'මෙහෙම කතා ඇහෙනකොට මට හිනා යනවා' - මහින්ද

PropellerAds

තමන් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට හේතුව කුමක්දැයි වත්මන් ආණ්ඩුවේ ඉහළ පෙළ නායකත්වය නිරන්තරයෙන් ප්‍රශ්න කරන බවත් තමා කලින් ජනප...

ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට අරන්! කාන්තාවකගෙන් පොලිසියට යළිත් දූෂණ චෝදනාවක්! ධනුෂ්කව දමා ලංකා පිල අද ලංකාවට එන්න පිටත් වෙයි!
මංකිපොක්ස් රෝග ලක්‍ෂණ හා රෝගයෙන් බේරෙන හැටි මෙන්න..
රවි ඇමතිකමකට පාර්ලිමේන්තුවට…? පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් මුදල් දී අස් කරයි…?
'මෙහෙම කතා ඇහෙනකොට මට හිනා යනවා' - මහින්ද

තමන් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට හේතුව කුමක්දැයි වත්මන් ආණ්ඩුවේ ඉහළ පෙළ නායකත්වය නිරන්තරයෙන් ප්‍රශ්න කරන බවත් තමා කලින් ජනපතිවරණය පැවැත්වූයේ ඊට පෙර සිටි ජනාධිපතිවරුන් ද කලින් මැතිවරණ පැවැත්වීමට හේතුකරගත් කාරණා නිසා බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (15) එ්කාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේදී පැවැති දේශනයකදීය.

තමා ජනාධිපතිවරයාව සිටි සමයේදී රට ආර්ථික අර්බූදයක පැවැතියානම් තම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයෙකු එය නොදැන සිටීමට හේතුවක් නැති බවත් එවැනි අයෙකු අද රට පාලනය කරන්නේ කෙසේදැයි තමාට ප්‍රශ්නයක් පැන නඟින බවත් ඔහු මෙහිදී කියාසිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා," මේ ආණ්ඩුවෙ නායකයන් මාධ්‍ය හරහා මගෙන් නිතරම අහන ප‍්‍රශ්ණයක් තමයි කලින් ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ඇයි කියල. මේ අය ජනතාවට ඒත්තු ගන්වන්න හදන අදහස තමයි 2015 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටෙන බව දැනගෙන මම කළින් ජනාධිපතිවරණයක් පවත්වලා ආර්ථික අර්බුදය එළියට එන්න කලින් මගේ බලය තහවුරුකර ගන්න උත්සහ කෙරුවයි කියන එක. මේක ඒගොල්ලො හැම වේදිකාවකම කියල තමන්ගේ නොහැකියාව හංග ගන්න හදනවා. මම කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ මගේ ජොතීෂ්‍යඥයින්ගේ කීම අනුව නොවෙයි භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේ උපදෙස් අනුවයි කියලත් ඒ අය කියනවා. මේ වගේ කතා අහනකොට මට හිනා.

මේ ආණ්ඩුවේ ප‍්‍රධාන නායකයො මගේ කැබිනට් මණ්ඩලයේ හිටපු වැදගත් ඇමතිවරු. රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් එනවානම් ඒක කැබිනට් මට්ටමෙන් බලය හොබවන අයගෙන් හංගන්න පුළුවන් දෙයක් නොවෙයි. කවුරුහරි කැබිනට් මණ්ඩලයේ ඉදගෙන ප‍්‍රධාන අමාත්‍යංශයකුත් පාලනය කරන අතර රටේ තිබෙන තත්ත්වය කුමක්දැයි නොදැන හිටියානම් ඒ වගේ කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ?" යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියාසිටියේ," මම කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ අනෙක් හැම ජනාධිපතිවරයෙක්ම කලින් මැතිවරණ කැඳවපු හේතුවලටම තමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1999 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. මම 2010 ජනාධිපතිවරණය කැඳෙව්වෙත් කලින්. 2015 ජනාධිපතිවරණය පවත්වනකොට රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් පැවතුන බව කියන එක සම්පූර්ණ බොරුවක්." බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මෙහෙම කතා ඇහෙනකොට මට හිනා යනවා' - මහින්ද
'මෙහෙම කතා ඇහෙනකොට මට හිනා යනවා' - මහින්ද
http://ift.tt/2cHWatO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy