කල් ඉකුත් වූ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන...
කල් ඉකුත් වූ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (08) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණි.
එහිදී සිද්ධියට අදාළ පරිගණක සාක්ෂි ලබාගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 02වෙනි දින දක්වා කල් තබා තිබේ.
පසුගිය 2015 වසරේදී යුරෝපා සංචාරයක් සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආගමන විගමන බලධාරීන් විසින් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අවලංගු එකක් බව ප්‍රකාශ කරමින් හරවා ආපසු හරවා යැවීය.
ඉන්පසුව ඔහු තම පැරණි ගමන් බලපත්‍රය නැති වූ බව පවසා තලංගම පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව වෙනත් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කර තිබේ.
එහිදී අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි යාමට උත්සාහ කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරියේය.
COMMENTS