නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතා විදෙස් ගතවීමට කරනු ලැබූ ඉල්ලීම අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයර...
නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතා විදෙස් ගතවීමට කරනු ලැබූ ඉල්ලීම අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
ඒ, කොටහේන සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාල නඩුව අද කැදවූ අවස්ථාවේදීය.
තමාට පුහුණුවක් සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස මීට පෙර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් අද පෙරවරුවේ එම නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා මෙම නඩුවේ සැකකරුවෙකු කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බැවින් මොහුට විදෙස් ගතවීමට අවසර ලබා නොදෙන ලෙසයි.
ඒ අනුව කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය හිටපු නාවික හමුදා ප්‍රකාශකවරයා කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
2008 - 2009 වසරවලදී මෙම තරුණයන් අතුරුදන්වූ බවට වාර්තා වූ අතර මෙම සිද්ධීන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එහිදී අනාවරණ වුණේ එවකට නාවික හමුදාවේ නිලධාරින් පිරිසක්ද මෙම අතුරුදන්වීමට සබඳතාවක් ඇති බවටයි.
ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව හිටපු නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ මාර්තු මාසයේදී ප්‍රශ්න කරනු ලැබීය.
COMMENTS