දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරාඹු නැතිව පාසල් යන්න බැහැයි කී නාඳුනන දැරියට කරාඹු ගලවා දුන් කාන්තාව
Homeගොසිප්

කරාඹු නැතිව පාසල් යන්න බැහැයි කී නාඳුනන දැරියට කරාඹු ගලවා දුන් කාන්තාව

PropellerAds

කරාඹු නැතිව පාසල් යන්න බැහැයි පොලිසියේදී කී නාඳුනන දැරියට කැමැත්තෙන් තම කරාඹු ගලවා දුන් කාන්තාව කණට කරාඹු දෙකක් නැතිව පාසල් යාමෙන් ...

අයවැයට පහර දෙන්න බන්දුල සරම ගටගසයි (බ්‍රහස් කාටූන්)
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ට ජනපතිගෙන් මුදල්
හය වැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු රට සහලින් ස්වයංපෝෂිත කළේ මමයි - රනිල්

කරාඹු නැතිව පාසල් යන්න බැහැයි
පොලිසියේදී කී නාඳුනන දැරියට

කැමැත්තෙන් තම කරාඹු ගලවා දුන් කාන්තාව


කණට කරාඹු දෙකක් නැතිව පාසල් යාමෙන් පසු පාසලේ මිතුරියන් විහිළු කළ නිසා කළ කිරීමට පත්ව වසර 2 ක් තිස්සේ පාසල් යෑමට බෑ කියා ගෙදර නැවතුණ දැරියක් ගැන අනුකම්පා සිතුණ පිටස්තර කාරුණික කාන්තාවක සිය කණ රැඳි කරාඹු ගලවාදී ඇයව නැවත පාසල් යැවූ පුවතක් කරන්දෙණියෙන් වාර්තාවෙනවා.
කරන්දෙණිය මහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මේ දැරිය මව් සෙනෙහස අහිමිව පියා සමග ජීවත්වූ අයෙකි.
කාලයක් තිස්සේ පාසල් යාම නතර කර දැරිය පාසල් යන්නට බැහැ යයි දිගටම පැවසීම නිසා
මෙම දැරියගේ පියා විසින් ඇයව කරන්දෙණිය පොලිසියට


රැගෙනවිත් තිබුනේ මේ අවනඩුව විසඳා ගන්නටයි. පරිවාස භාරයට පත්කර හෝ දැරියට අධ්‍යාපනය සලසා දෙන්නැයි පියා ඉල්ලා තිබුනි.පොලිස් ප‍්‍රශ්න කිරිම්වලදී මේ දැරිය කියා තිබෙන්නේ කරාබු යුගලක් නොමැති නිසා කිසිසේත්ම පාසල් යා නොහැකි බවයි. තමාට පැළදීමට කරාබු යුවලක් නොමැති වීම නිසා මින් ඉහත පාසල් ගිය අවස්ථාවේ ලැජ්ජාවට පත්වූ බැවින් නැවත පාසල් යා නොහැකි බව ඇය දන්වා තිබුණා. දැරියගේ මේ ප‍්‍රකාශය ඇසී සිත් කම්පා කරගත් එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි කාන්තාවක් තම කරාබු යුගලය දැරියට ලබාදීමට ඉදිරිපත් වුණා.පොලිස් නිලධාරීන් ඒ ගැන සතුටට පත්වූ අතර දැරිය ඉන්පසු කියුවේ තමා පාසල් යන බවයි.
ඒ අනුව ඊයේ පාසල් යන්නට පෙර පොලිසියට පැමිණ එම නිලධාරීන්ට බුලත් දී වැඳ තමන්ට උපකාර කළ කාන්තාවටද වැඳ අවසර ගෙන ඇය නැවත මින් පෙර අධ්‍යාපනය හදාළ පාසලේ 9 වන ශ්‍රේනියට ඇතුළත් වුණා. ඇයට පොලිසියෙන් පොත් කට්ටලයක තෑග්ගක්ද ලබාදී තිබුණා.
ඇය නැවත පාසල් යාමේ ආරංචිය නිසා වඩාත් සතුට අත් විඳගත්තේ කරාඹු යුවළ පරිත්‍යාග කළ කරන්දෙණියේ 3 කනුවේ පදිංචි ශ්‍යාමලී තිලකරන්ත නමැති තිදරු මවයි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරාඹු නැතිව පාසල් යන්න බැහැයි කී නාඳුනන දැරියට කරාඹු ගලවා දුන් කාන්තාව
කරාඹු නැතිව පාසල් යන්න බැහැයි කී නාඳුනන දැරියට කරාඹු ගලවා දුන් කාන්තාව
http://ift.tt/2cYN4tc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_679.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_679.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy