මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් මහතා යළි දිවයිනට කැදවීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ...
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් මහතා යළි දිවයිනට කැදවීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
පසුගිය ඉරිදා මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් මහතාට මෙම ප්‍රහාරය එල්ල වූයේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීය.
මැලේසියාවේ සංචාරය කළ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඇරලවීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ඔහුට මෙම ප්‍රහාරය එල්ල විය.
එම පහරදීමේ දර්ශන ඊයේ දිනයේ මැලේසියානු සහ ජාත්‍යන්තර මාධ්‍ය මගින් අන්තර්ජාලයට එක් කර තිබිණි.
විදේශ කටයුතු ලේකම්වරයා විසින් මෙරට මැලේසියානු මහකොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට අපොහොසත්වීම ගැන කණස්සල්ලට පත්වන බවයි.
තර්ජනයක් පවතින බව දැනුම් දී තිබියදී මෙම පහරදීම සිදුව තිබීම පිළිබදවයි විදේශ ලේකම්වරයා කරුණු දක්වා ඇත.
එම සිද්ධියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය මගින් උපරිම ලෙස කටයුතු කරන ලෙස ද විදේශ ලේකම්වරයා ලක් රජය වෙනුවෙන් මැලේසියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

මීට අමතරව මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙරට මැලේසියානු මහකොමසාරිස්වරයාව ඊයේ (05) විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තිබිණි.
ඊබ්‍රාහිම් අන්සාර් මහතාට ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු එරට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙම පුද්ගලයන් 05 දෙනා එරට වෙසෙන ඉන්දියානුවන් බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් විණි.
එමෙන්ම මහකොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැක කටයුතු පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි මැලේසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
COMMENTS