දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසල්වලට යන මව්පියන්ගේ ඇඳුම ගැන ඇමතිගෙන් නව චක‍්‍රලේඛයක්
Homeප්‍රවෘත්ති

පාසල්වලට යන මව්පියන්ගේ ඇඳුම ගැන ඇමතිගෙන් නව චක‍්‍රලේඛයක්

PropellerAds

විධිමත්, විනීත සහ පාසලට උචිත ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීම සඳහා මව්පියන්ට අවස්ථාව ලබාදීම සඳහා නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ග...

ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි
බදු ප්‍රතිසංස්කරණ පැකේජය ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න - IMF
ඖෂධ වර්ග 47ක මිල අඩු කරයි
පාසල්වලට යන මව්පියන්ගේ ඇඳුම ගැන ඇමතිගෙන් නව චක‍්‍රලේඛයක්

විධිමත්, විනීත සහ පාසලට උචිත ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීම සඳහා මව්පියන්ට අවස්ථාව ලබාදීම සඳහා නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

අද (23) පෙරවරුවේ මහව විජයබා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම සහ නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.  

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ඇතැම් පාසල්වල මව්පියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් දැන්වීම් ද පළ කර තිබීම හේතුවෙන් රාජකාරිවල නිරත මව්පියන්ට තම දරුවන් සමඟ උදෑසන පාසල්වලට පැමිණිමේ දී සහ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගිවීමේ දී ගැටලූ රැසකට මුහුණදීමට සිදුවන බවට මැසිවිලි පසුගිය කාලයේ ඉදිරිපත් වී තිබුණා. ඇතැමෙකු මෙය තම අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ද සඳහන් කර තිබුණා. 

මේ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කොට තිබෙන්නේ විධිමත්, විනීත සහ පාසලට උචිත ඕනෑම ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට මව්පියන්ට ඉඩ ලබා දෙන ලෙසයි. 

විශේෂයෙන්ම මව්වරුන්ට ඇතැම් පාසල් සඳහා ඇතුල්වීමේ දී සාරියකින් හෝ සැරසී සිටිය යුතු වෙනත් ඇඳුමක් අනිවාර්ය කර දැන්වීම් පළ කිරිම හේතුවෙන් ප‍්‍රායෝගික ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවූ අතර අගනුවර සහ නගර ආශ‍්‍රිත ප‍්‍රදේශවල රැකියාවල නිරත වන මව්වරුන්ට තම දරුවා සමඟ පාසලට පැමිණීමේ දී මෙම තත්ත්වයන් හේතුවෙන් පාසල් ගේට්ටුව අසලට පමණක් පැමිණ ආපසු  හැරී යාමට සිදුවන තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි. 

මෙම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පාසල්වලට පැමිණෙන මව්පියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පාසල්වලට ඇතුල්වීමේ දී නීති රීති පැනවීමට වඩා පාසල්වලට උචිත විනීත ඇඳුමකින් සැරසී පැමීණීමේ වගකීම මව්පියන්ට ද ඇති බවයි. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසල්වලට යන මව්පියන්ගේ ඇඳුම ගැන ඇමතිගෙන් නව චක‍්‍රලේඛයක්
පාසල්වලට යන මව්පියන්ගේ ඇඳුම ගැන ඇමතිගෙන් නව චක‍්‍රලේඛයක්
http://ift.tt/2dfLWTo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy