දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ කඩ සාප්පු වසා ‘දෙමළ ජනතාවනි නැගිටිවු’කියන විග්නේෂවරන්
Homeගොසිප්

යාපනයේ කඩ සාප්පු වසා ‘දෙමළ ජනතාවනි නැගිටිවු’කියන විග්නේෂවරන්

PropellerAds

යාපනයේ කඩ සාප්පු වසා ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ කියන විග්නේෂ්වරන් පසුගිය සෙනසුරාදා (24) උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ම...

ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් 5 දෙනා.
තංගල්ල නගර සභාවේ මුල් පුටු දෙකම එ.ජා.ප යට.
යාපනය මහ නගර සභාව දෙමළ ජාතික සන්ධානයට.

යාපනයේ කඩ සාප්පු වසා
‘දෙමළ ජනතාවනි නැගිටිවු’
කියන විග්නේෂ්වරන්




පසුගිය සෙනසුරාදා (24) උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මුල්වී යාපනයේ පැවැත්වූ විරෝධතාවය වර්තමාන රජයේ සංහිඳියා ප්‍රතිපත්තියට කෙතරම් දුරට බාධාකාරීද යන්න ගැන මේ වනවිට කතාබහක් මතුව තිබේ.
‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි නැගිටිවු’ යන තේමාවෙන් එදින යාපනය පුරා කඩසාප්පු වසා හර්තාලයක්ද දියත්ව තිබුණ අතර පාගමනින් ගිය පිරිස් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී රැස්වීමක්ද පැවැත්වූවා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයා දීම, උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම්
නිදහස් කිරීම , උතුර - නැගෙනහිර පළාත් එකතු කිරීම,සිංහල ජනාවාස ඉදිකිරීම නතර කිරීම, හමුදා කඳවුරු ඉවත් කිරීම ඔවුනගේ ඉල්ලීම් අතර තිබේ.
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.සිද්ධාර්තන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඊට යාපනය සරසවි ගුරු – සිසු, වෙළද සංගම්,කාන්තා කමිටු ඇතුළු සිවිල් සංවිධාන 48ක් එක්ව සිට ඇත.
ඔවුන් රැස්වීම ආරම්භ කළේ නල්ලූර් කෝවිල සහ යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ පාගමනකින් පසුවයි.
රැස්වීමේදී අදහස් දැක්වු උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය


සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස පවත්වන මෙම විරෝධතා දකුණේ සිංහල බෞද්ධ ජනතාව වරදවා වටහා නොගත යුතු බවකි.අයිතිවාසිකම් දිනා ගනු වස් හඬ නැගීම පිටුපස සිංහල විරෝධයක් නොමැති බවද ඔහු කියා තිබේ.
 මේ ගැන කොළඹදී අදහස් පළකළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ එම සටන් පාඨ දෙමළ ලෙස නොව ශ්‍රී ලාංකික ලෙස වෙනස් විය යුතු බවකි. උතුරේ මෙන්ම දකුණේ ද ක්‍රියාත්මක ජාතිවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් කලබලවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු කියා තිබේ.
මේ අතර ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ අතීතයේ මෙන්ම වර්තමනයේ බෙදුම්වාදී අදහස් ඇති පුද්ගලයින් රට තුළ සිටින බවත්
ඔවුන්ගේ අරමුණු පරාජය කිරීම සඳහා ඕනෑම සටනකට සූදානම් බවත්ය.‍
උතුරේ මහ ඇමති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකග නොවන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන දන්වා තිබේ. අසාධාරණ ඉල්ලීම් ලබාදිය නොහැකි බවත් එසේ නොකරන බවත් රටේ ආරක්ෂාවට අහිතකර කිසිම තීරණයක් නොගන්නා බවත් පවසන ඔහු මහ ඇමති විග්නේෂ්වරන් මහතා සංවිධානය කළ හර්තාලය ජාතීන් හා ආගම් අතර සංහිදියාව හා සුහදත්වය වර්ධනය කිරීමට රජය ගන්නා පියවරට  බාධාවක් බවද දන්වා ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ කඩ සාප්පු වසා ‘දෙමළ ජනතාවනි නැගිටිවු’කියන විග්නේෂවරන්
යාපනයේ කඩ සාප්පු වසා ‘දෙමළ ජනතාවනි නැගිටිවු’කියන විග්නේෂවරන්
http://ift.tt/2cOCJMU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_483.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_483.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy