කටුගස්තොට, සෙනරත්ගම ප්‍රදේශයේ විදුහලක ශිෂ්‍ය නායකයෙකුට එම විදුහලේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු පාසල් වේලාව තුලදී පිහියකින් ඇන තු...
කටුගස්තොට, සෙනරත්ගම ප්‍රදේශයේ විදුහලක ශිෂ්‍ය නායකයෙකුට එම විදුහලේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු පාසල් වේලාව තුලදී පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (29) පෙරවරු 10.30ට පමණ එම විදුහල් භූමිය තුළදීමය.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කඩිනමින් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පාසල් බලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව කිසිවක් පොලිසියට වාර්තා කර නොමැති අතර මහනුවර රෝහලේ පොලිස් ඒකකය මගින් කටුගස්තොට පොලීසියට මේ පිළිබඳව දැනුම්දීමන් අනතුරුව පිහි ඇනුම සිදුකළ සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ ශිෂ්‍ය නායකයා කළ අවවාදයක් නොරිස්සීමෙන් උරණව මෙම ශිෂ්‍යයා පිහි ඇනුම සිදුකර ඇති බවයි.
මෙම ශිෂ්‍යයින් දෙදෙනා කටුගස්තොට ඉනිගල හා නිකතැන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශණ කටුගස්තොට පොලීසිය විසින් සිදුකරයි.
මහනුවර - කමල් සුරවීර
COMMENTS