කවුරු කෙසේ කීවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිස වෙන කිසිවෙකු නොවන බව ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා ම...

කවුරු කෙසේ කීවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිස වෙන කිසිවෙකු නොවන බව ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා.
ඊයේ (22) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එදා මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාව පක්ෂ සභාපතීත්වයෙන් එලවන්න ගෙනා සංශෝධනය මහින්දව සභාපතීත්වයෙන් ඉවත්කරන්නත් හේතු වු බවත් අද ඒ බව දැන දැනත් මහින්ද නොදන්නා සේ රඟපාන බවයි.
"පක්ෂ ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමකින් තොරවම හිමි වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය පක්ෂයේ සභාපතිත්වයෙන් එලවන්න මේ වගන්තිය සංශෝධනය කර පක්ෂ සභාපතීත්වය ලබා ගත්තෙ. එදා ඒකට මමත් අත ඉස්සුවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකයෙක් රටේ විධායක ජනාධිපති වූ විට ඔහු ඉබේම පක්ෂයේ සභාපති බවට පත් වෙනවා. මේ සියල්ල දන්න මහින්ද මහතා දැන් අමතක වූ ස්වභාවයකින් කතාකරන බවක් අපි දකිනවා. "
COMMENTS