ඊයේ (02) රාත්‍රියේ හලාවතදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. හලාවත එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක හිලරි ප්...
ඊයේ (02) රාත්‍රියේ හලාවතදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.
හලාවත එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක හිලරි ප්‍රසන්න මහතා චෝදනා කරමින් කියාසිටියේ හලාවතදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා එජාපයේම පිරිසක් කටයුතු කරන බවයි.
ඊයේ රාත්‍රියේ එම වැඩසටහන සඳහා සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බවද ඔහු එහිදී කියාසිටියේය.
එම පහර දීමට සම්බන්ධ 03දෙනෙකු අල්ලා පොලීසියට භාර දුන්න ද ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඒ මහතා පැවසීය.
සිද්ධියෙන් පැයකට පසු හලාවත පොලීසියට පැමිණි හලාවත එජාප සම සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත අබේසේකර මහතා තමාට සහ ආධාරකරුවන්ට ගිනි අවි පෙන්වා පොලීසිය තුළ තර්ජනය කළ බව ද හිලරි ප්‍රසන්න මහතා සඳහන් කළේය.
එම ගැටුමින් තුවාල ලැබූ 03දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ට පහර දුන්නේ එජාපයේ හලාවත සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත අබේසේකර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS