පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී නේවාසිකාගාරය තුළ මිය ගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ මරණය පිළිබඳව අද (12) විවෘත තීන...
පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී නේවාසිකාගාරය තුළ මිය ගිය වෛද්‍ය ශිෂ්‍යයාගේ මරණය පිළිබඳව අද (12) විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
ඒ අද කොළඹ ජාතික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රනාවන් මහතා විසින් ඔහුගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔහු තීරණය කළේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටය.
වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි හරින්ද සෙනෙවිරත්න නමැති මෙම 27 හැවිරිදි ශිෂ්‍යයා සිය දිවි හානි කර ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
COMMENTS