දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහානාම හිටපු විදුහල්පති සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් ලක්ෂ දෙකක වන්දි ගෙවයි
Homeගොසිප්

මහානාම හිටපු විදුහල්පති සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් ලක්ෂ දෙකක වන්දි ගෙවයි

PropellerAds

අම්මලාට අයුතු යෝජනා ගෙනා මහානාම හිටපු විදුහල්පති සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් ලක්ෂ දෙකක වන්දි ගෙවයි කොළඹ මහානාම විද්‍යාලයේ හි...

ATM කාඩ් වංචාවක් : අවදානයෙන් සිටින්න.
තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.
හැරී කුමරුන්ගේ විවාහයට විලියම් කුමරු නොඑන හැඩ.
අම්මලාට අයුතු යෝජනා ගෙනා මහානාම හිටපු විදුහල්පති
සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස්
ලක්ෂ දෙකක වන්දි ගෙවයි


කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි එම විද්‍යාලයේ පෙරදිග සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් වැඩ වැරදුණ තැන ඇයව සේවයෙන් නෙරපීම අයුක්ති සහගත බවට උසාවිය තීන්දු කිරීමෙන් පසු ඔහුට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට ඊයේ සිදුවුණා.
මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරුන් අතරින් කිහිපදෙනෙකුම මේ ආකාර චෝදනාවන්ට ලක්ව තිඛෙන අතර මීට ටික කලකට විවාහක ගුරුවරියක සමග රහසේ පැනගිය විදුහල්පතිවරයෙකු නිසාද
ආන්දෝලනයක් හටගෙන තිබුණි. ඉහත වරදට හසුවූයේ එම විදුහල්පතිවරයා නොව 2012 වසරේ එම විදුහලේ විදුහල්පතිවරයාව සිටි ප්‍රේමලාල් කුමාරසිරි නමැත්තෙකි.
එම විදුහල්පතිවරයා පාසලේ පෙරදිග සංගීත කාමරයේ අදාළ ගුරුවරිය තනිව සිටින අවස්ථාවන් බලා ඇය වෙත ගොස් ඇගේ අ`ගපස`ග පිරිමදිමින් අනියම් සබඳතා සඳහා පෙළැඹවීම් ඇති කර තිබේ. එවැනි අවස්ථාවන් රැසකදීම ගුරුවරිය සිය විරෝධය පළ කර ඔහුගේ කම්මුලට ගසා ඇති නමුත් ඔහු සිය පරිපාලන බලය පාවිච්චි කර ඇය නම්මවාගන්නට විවිධ උත්සාහයන්හි නිරතවී තිබේ.
ඔහුට නිතරම සහාය දෙන පාසලේ තවත් ගුරුවරයෙකු හවුල් කරගෙන මෙම යෝජනා නැවත නැවත ඇයට සිදු කරන ලද විදුහල්පතිවරයා ඇයට මේ සඳහා කැමැත්ත දෙන්නට බැරි වුණොත් පාසලෙන් ඉවත්වන්නට සිදුවනු ඇති බවටද අනතුරු ඇ`ගවීම් නිකුත් කර තිබේ.

මේ බව අඅන් අයට කිව්වත් පළක්වී නැත.විදුහල්පතිවරයාගේ හැටි දන්නා අනෙක් ගුරුවරුන්ද කටපියාගෙන කරබාගෙන සිටි අතර හිංසාවට පත් ගුරුවරිය zසිරස විමර්ශනZ වැඩසටහනට මේ ගැන කරුණු හෙළි කර ඇත්තේ මේ අවස්ථාවේදීය.
2011 නොවැ. 22 වැනි දින මාධ්‍ය සාකච්ඡාවකදී විදුහල සම්බන්ධයෙන් හා විදුහල්පතිවරයා
සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කරන ලදැයි චෝදනා කරමින් ගුරුවරිය පාසලෙන් නෙරපන්නට විදුහල්පතිවරයා කටයුතු කර තිබීම අසාධාරණයක් බව දක්වා  ඇය ඒ ගැන සිය පෙත්සමේ කරුණු ප්‍රකාශ කොට තිබිණි.
අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා විසින් ලියන ලද නඩු තීන්දුව විනිසුරු උපාලි අබේරත්න මහතාගේද එක`ගත්වයෙන් ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ අතර
හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි හා ඔහු සමග විදුහලෙහි සේවය කළ තුසිත තිළිණ මාලේගොඩ යන දෙදෙනා විසින් රුපියල් ලක්ෂය බැගින් මෙම රුපියල් ලක්ෂ 02 වන්දි මුදල එම ගුරුවරියට ගෙවිය යුතු බවට නියම විය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු ඇයව යළිත් සේවයේ පිහිටුවා තිබිණි.

ප්‍රේමලාල් කුමාරසිරි විදුහල්පතිවරයාට එරෙහිව ඒකාලයේ තවත් චෝදනා රැසක් තිබුණ අතර ඔහුට අනිවාර්ය විශ`ාම යාමක් ලබාදී පාසලින් එළවා දමනු ලැබූයේ දරුවන් පාසලට දාගන්නට එන අම්මලාගේ ලේඛනවල බොරු අඩුපාඩු පෙන්වා ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් රහස් පොලිසිය මගින් අනාවරණය කරගැනීමෙන් පසුවයි.

ඒ කාලයේ මෙම විදුහල්පතිවරයා සහ තවත් උපගුරුවරයෙකු එක්වී මහානාමයට දරුවන් ඇතුළත් කරන්නට උවමනාවී පැමිණෙන මවුවරුන්ට අයුතු යෝජනා කර ඔවුන් ලිංගික අල්ලස් ලබාදීමට පොළඹවන බවත් ඒ සඳහා එක`ගවන අයගේ දරුවන් ඇතුළත් කරගන්නා බවත් වාර්තා වුණා’

ඇහැට කණට පෙනෙන මවක පැමිණ දරුවා පාසලට දාගන්නට උවමනා බව කියන විට
විදුහල්පතිවරයා ඒ සම්බන්ධ භාර ගුරුවරයෙකු සිටින බව කියා ඇයව එම උප ගුරුවරයා වෙත යොමු කර තිබේ.
ඔහු මනමාල පෙනුමැති කටකාර අයකු වන අතර ඔහු වෙත ගිය විට
ඇය පොළඹවා ගන්නට හැකි චරිතයක්දැයි දැන ගැනීමට විවිධ මාතෘකා ඔස්සේ කතාකරන බව කියැවුනි. මුදල් ගන්නට හැකි පොහොසත් අයෙකු නම් විශාල මුදලක් අල්ලස් වශයෙන් ගත හැකිදැයි සොයා බලන බවත් එසේ නොහැකි බව පෙනී යනවිට ලිංගික අල්ලසකට වැඩේ කරන්නට උත්සාහ කරන බවත් පැවසුණි.

උපගුරුවරයා විසින් ඇයට දරුවා දාගැනීම ලෙහෙසියෙන් කරන්නට අමාරු දුෂ්කර දෙයක් බවට නොයෙකුත් කතා කියා zඔයාට මං කියන තැනට එක දවසක් එන්න පුළුවන්නම් වැඩේ කෙරෙනවා’’මං කියන එක තේරෙනවනේ’’’හැබැයි මේක රහසක් විදියට අපි දෙන්න අතරෙ විතරක් තියාගමුZ කියූ බවත් වාර්තාවී තිබිණි.
දරුවාව කෙසේ හෝ දාගන්නට අවශ්‍ය නිසා ඇතැම් මවුවරුන් මේ යෝජනාවට එක`ග වන බව වාර්තා වූ අතර ලිංගික අල්ලස සඳහා විදුහල්පතිවරයා හෝ උපගුරුවරයා සමග යහන් ගතවන්නට මේ අසරණ මවුවරුන්ට සිදුවන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට දරුවා දාගැනීමේ සිහිනය කෙසේ හෝ ඉටු කරගැනීමේ අරමුණෙනි’

කොළඹ පදිංචි ඇතැම් වැදගතුන්ගේ තරුණ බිරියන් පවා මේ අල්ලසට පහසුවෙන් එකතුවී දරුවා පාසලට දාගෙන තිඛෙන බව වාර්තා වුණා’
ඒ නොමනා කටයුත්තට යන මවුවරුන් දරුවාගේ පියාට හෝ කිසිවෙකුට මේ ගැන හෙළි නොකර තම උත්සාහයෙන් දරුවා පාසලට දාගත් බව සමාජයට හෙළි කිරීමද විමති සහගතය’

මේ ජාවාරම නිසාම පසුගිය කාලයේ මහානාමයට පළමු ශ්‍රේණියට පමණක් නොව ඕනෑම ශ්‍රේණියකට දරුවන් පහසුවෙන් ඇතුළත් කරගන්නට හැකියාව තීබී ඇත’
දරුවන් ඇතුළත් කිරීම පිළිබඳ මහානාමයේ ඇති ලේඛන පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාව සිදු කළ විමර්ශන වලදී හොර ලිපි ශීර්ෂ හොර නිල මුද්‍රා ව්‍යාජ අත්සන් සහිත කූඨ ලේඛන ගණනාවක් සොයාගැනීමට හැකිවූ අතර පෙර සඳහන් අල්ලස් ගැනීමෙන් පසු විදුහල්පතිවරයා විසින්ම ඒවා ලිපිගොනුවලට අමුණා සාධාරණ ඇතුළත් කිරීමක් ලෙස ගොනුකර තිබූ බවද හෙළි වුණා’

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට විදුහල්පතිවරුන් විසින් අනුගමනය කළයුතු පටිපාටියට පිටින් යමින් පසුගිය වසරේ දරුවන් 28 දෙනෙකු මහානාමයට ඇතුළු කර තිඛෙන බවත් මේ විමර්ශන වලදී සොයාගත් අතර මහානාමයේ බොහෝ පන්ති වලට වසර මැද වරින්වර සිසුන් එකතුවීම සාමාන්‍ය කාරණයක් බවද වාර්තා වුණා’ඒ නිසා බොහෝ පන්තිවල සිටිය යුතු සිසුන් 40 සීමාව ඉක්මවා සිසුන් සිටි බවත් වාර්තා වුණා’
විදුහල්පතිවරයාත් එක් ගුරුවරයෙකුත් දරුවන් ඇතුළු කිරීමේ අක්‍රමිකතා සිදු කරන අතර තවත් ගුරුවරයෙකු මේවාට හවුල්ව සිටි බවත් මේවාට විරුද්ධවන පාසලේ අනෙක් ගුරුවරුන් හා ගුරුවරියන්ට විවිධ පීඩන එල්ල කර ඔවුන් පාසලෙන් ඉවත්කර යන තැනට කටයුතු සැලසීම මේ ජාවාරමේදී සිදුවුණ බවත් වාර්තා විය.

මහානාමයේ විදුහල්පති විශ්‍රාම ගැන්වූයේ එහි අවසන් ප්‍රතිඵලය ලෙසය’ පරිපාලනය ලිංගික අල්ලස් පසුපස යාමේ ප්‍රවණතාව නිසාම අද මේ පාසල අධ්‍යාපනික වශයෙන් කඩා වැටී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහානාම හිටපු විදුහල්පති සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් ලක්ෂ දෙකක වන්දි ගෙවයි
මහානාම හිටපු විදුහල්පති සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් ලක්ෂ දෙකක වන්දි ගෙවයි
http://ift.tt/2cDkfCJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_259.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_259.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy