අපවත් වී වදාළ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රී...
අපවත් වී වදාළ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.
සියලුම නිකායන් නියෝජනය කරමින් නායක සහ අනුනාකය හිමිවරුන් මෙන්ම ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ද මෙම ආදාහන පූජෝත්සවයට සහභාගී වනු ඇත.
අනු නා හිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර පස්වරු 01.00 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ‍්‍රී කල්‍යාණි ධර්මාශ‍්‍රමයෙන් පිටත් වන අතර පස්වරු 02.00 පමණ වනවිට රිය පෙරහැර පාර්ලිමේන්තු වට රවුම අසළට පැමිණීමට නියමිතය.
අනු නා හිමියන්ගේ දේහය එතැන් සිට පා ගමනින් වැඩමවන අතර පස්වරු 3.15 ට පමණ එය ආදාහන මළුවට ළඟා වන බව වාර්තා වේ.
ඉන්පසු පස්වරු 05.26ට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන කටයුතු සිදු කෙරේ.
COMMENTS