ඊයේ (08) රාත්‍රියේ මහියංගනය රාජමහා විහාරස්ථානය පිටුපස මහවැලි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවූ බව මහියංගනය පොලීසිය පවසයි. පො...
ඊයේ (08) රාත්‍රියේ මහියංගනය රාජමහා විහාරස්ථානය පිටුපස මහවැලි ගඟේ තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවූ බව මහියංගනය පොලීසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී අදාළ මළ සිරුර සොයාගෙන තිබේ.
වයස අවුරුදු 35ක් පමණ වෙතැයි අනුමාන කළ හැකි මෙම මළ සිරුර ගලක ගැටගසා ගඟ අසල දමා තිබීයදී හමුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මහියංගනය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
බදුල්ල - පාලිත ආරියවංශ
COMMENTS