හම්බන්තොට මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලේ ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් මියගොස් තිබේ. අද (13) උදෑසන මොහු මියගොස් ඇ...
හම්බන්තොට මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලේ ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් මියගොස් තිබේ.
අද (13) උදෑසන මොහු මියගොස් ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලකින් බිමට වැටීමෙන් බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 80 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගතව සිට ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන්නේ ද නැතහොත් ඇද වැටුණේ ද යන්න පිළිබඳව අනාවරණය වී නොමැති අතර හම්බන්තොට පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS