ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සෘජුවම සම්බන්ධ ය...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සෘජුවම සම්බන්ධ යැයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව අද (26) කැඳැවිණි.
විදේශ අමාත්‍යාංශය මගින් යුක්රේනයේ ඔහු පදිංචි ව සිටින නිවසට සිතාසි යැවීමට යැවුවද නිවසේ ඔහු නොමැති බව යුක්රේන බලධාරින් සඳහන් කළ බව අධිකරණයට දැන්වීය.
ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඔහුට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීන්දුව සැප්තැම්බර් 30 වැනි දා සළකා බැලීමට නියමිත බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියෝග කළාය.
COMMENTS