අද (10) අම්බලන්ගොඩ ධීවර වරාය තුළ ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය. ඒ, ධීවර යාත්‍රා හැසිරවිය හැකි පරිදි වරාය ජැටියේ වැලි ඉවත් කර පිළිසකර...
අද (10) අම්බලන්ගොඩ ධීවර වරාය තුළ ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය.
ඒ, ධීවර යාත්‍රා හැසිරවිය හැකි පරිදි වරාය ජැටියේ වැලි ඉවත් කර පිළිසකර කර දෙන ලෙස ඉල්ලමිනි.
විරෝධතාවයේ නිරත වන අතරතුර ධීවරයන් ධීවර කාර්යාලය ද වැටලූ බව වාර්තා වේ.
අම්බලන්ගොඩ ධීවරයන් සියලූ දෙනා අද ධීවර කටයුතු සඳහා පිටත්ව නොගොස් මෙම විරෝධතාවයට එක්වී ඇති අතර උද්ඝෝෂණයෙන් පසු ඔවුන් අම්බලන්ගොඩ ධීවර කාර්යාලයේදී සාකච්ඡාවකට එක්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අම්බලන්ගොඩ ධීවර වරායේ නියෝජ්‍ය කළමනාකරු ප්‍රසාද් වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක ඇතුළත දී මෙම ගැටළුවට විසදුම් ලබාදෙන බවට තමා ධීවරයන්ට ප්‍රතිඥාවක් ලබාදුන් බවයි.
COMMENTS