ඊයේ (31) ශ්‍රි ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු පිල අතර පැවති තරඟය නැරඹීමට නොහැකි වීම නිසා කුපිතවූ පිරිසක් දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට විරෝ...
ඊයේ (31) ශ්‍රි ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු පිල අතර පැවති තරඟය නැරඹීමට නොහැකි වීම නිසා කුපිතවූ පිරිසක් දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
එම අවස්ථාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර ක්‍රීඩාංගණයට බලෙන් ඇතුල් වු බව කියන පිරිස් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 08 දෙනෙකු මේ වනවිට දඹුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
එමෙන්ම තත්ත්වය පාලනය කිරීමට ගොස් ගල්මුල් ප්‍රහාරවලට ලක්වීම නිසා මාතලේ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරිවරයා ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්ද තුවාල ලබා සිටිති.
සහකාර පොලිස් අධිකාරිවරු 02කට පහරදීමට තැත්කල බව කියන පුද්ගලයින් 02ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
COMMENTS