ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියේ පැවැත්වීමට නියමිත උත්සවයට කොළඹ තරු පහේ හෝටලය...
ශ්‍රී ලංකා පොලිසියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියේ පැවැත්වීමට නියමිත උත්සවයට කොළඹ තරු පහේ හෝටලයකින් අතුරුපස පෙට්ටි 4000 ක් හා අති ප්‍රභූන් වෙනුවෙන් අතුරුපස පෙට්ටි 250 ක් ද සැපයීමට කළ ඇණවුම ඉහළින් ආ නියෝගයක් අනූව අවසන් මොහොතේ අවලංගු කිරීමට සිදු වී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා එම හෝටලයට රුපියල් ලක්ෂ 50 ක් ගෙවීමට තිබූ බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් නිවස්නයේ පාටිය ද අවලංගු කළ බව වාර්තා වේ.
COMMENTS