රුපියල් කෝටි හතර හමාරක මුදලක් වැය කර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිතය. මෙම චාරිකාව...
රුපියල් කෝටි හතර හමාරක මුදලක් වැය කර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
මෙම චාරිකාවෙහි අරමුණ වී ඇත්තේ කෘෂිකර්මාන්තය, කාර්මීකරණය සහ සංවර්ධන ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමයි.
30 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම හෙට (27) රුසියාව බලා දිවයිනෙන් පිටව යන අතර, තවත් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රුසියාව බලා යාමට නියමිතව ඇත්තේ තවත් මාස 02 කට පසුවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය කියා සිටියේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගේ මෙම විදෙස් සංචාරය මීට පෙර සිටි ආණ්ඩුකාරවරියගේ සමයේ අනුමත වූවක් බවයි.
තවද මෙම විදෙස් සංචාරය සඳහා රුපියල් කෝටි හයහමාරක මුදලක් ඇස්තමේන්තු කර තිබුණත් ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් කපා හැරි බව ආණ්ඩුකාරවරිය කියාසිටියාය.
මීට අමතරව විදෙස් සංචාරය සඳහා ඇතුළත් කර තිබූ නම් ලැයිස්තුවෙන් නියමිත නිර්ණායකයන්ගෙන් පරිබාහිර පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් ඉවත් කළ බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
COMMENTS