පසුගිය 17 වනදා පස්වරුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් නිසා තුවාල ලැබූ පේරාදෙණිය ළම...
පසුගිය 17 වනදා පස්වරුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් නිසා තුවාල ලැබූ පේරාදෙණිය ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩී. ආර්. කේ. හේරත් මහතා ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර තිබේ.
රෝහල් පරිශ්‍රය තුළ තම නිල වාහන ගාල් කිරීමේ ප්‍රශ්නයක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවූ බව වාර්තා වේ.
එම රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආර්. පල්ලේවෙල මහතා තමාට පහරදුන් බව පවසා තුවාල ලැබූ රෝහල් අධ්‍යක්ෂවරයා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් යොමු කෙට තිබේ.
පසුව විකලාංග ශල්‍ය වෛද්‍යවරයා ද තමාට රෝහල් අධ්‍යක්ෂවරයා පහරදුන් බව පවසා පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළ බව පේරාදෙණිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙන් පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් මේ වනවිට පරීක්ෂණයක් පවත්වන අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ද පරීක්ෂණයක් සිදුකරන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS