ජාත්‍යන්තර පොල් දින සැමරුම යෙදෙන සැප්තැම්බර් 2 වනදා පොල්ගස් ලක්ෂ 25ක් සිටුවීමට පියවර ගෙන ඇත. එහි පළමු පියවර ලෙස ලබන 2 වැනිදා කතානායක කරු...
ජාත්‍යන්තර පොල් දින සැමරුම යෙදෙන සැප්තැම්බර් 2 වනදා පොල්ගස් ලක්ෂ 25ක් සිටුවීමට පියවර ගෙන ඇත.
එහි පළමු පියවර ලෙස ලබන 2 වැනිදා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවස පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මේ නිමිත්තෙන් ඉදිරි මාස 04 තුල නව පොල්පැල ලක්ෂ 25 ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතිය අරඹමින් එම වැඩසටහනේ පලමු පොල්පැලය කථානායක කරු ජයසුරිය මහතාගේ අතින් හෙට පෙ.ව 7.30ට රෝපනය කිරීමට නියමිතය.
ඊට සමගාමීව එදින පෙරවරුවෙහි රට පුරා එකම මොහොතක ස්ථාන 40කදී පොල් පැල 20,000 ක් සිටුවීම සිදු කරනු ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
COMMENTS