පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ පසු නව පක්ෂය පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩු විරෝධී ජාතික බලවේගයක් බිහිකිරීම ස...
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ පසු නව පක්ෂය පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩු විරෝධී ජාතික බලවේගයක් බිහිකිරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බවත් ජනතාව පෙලගැසීමේ ආරම්භය ඇහැලියගොඩින් 08 වැනිදා ආරම්භ කරන බවත් ගමේ සිටින සාමාජිකයාගේ සිට නව පක්ෂය ගොඩනගන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙරට ගම් තිස් හයදාහම නියෝජනය වෙන ලෙස මෙම නව පක්ෂය පිහිටුවන බවද රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
“නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා.ඒ අනුව නව දේශපාලන පක්ෂයක් බිහිකරනවා.සමහරු අහනව කවදද ඒක කරන්නේ කියල.ඒ දිනය කාටවත් කියන්න ඕනැ නැහැ.හැබැයි යහපාලන ආණ්ඩුව කරන වැඩ වලින් ඒ දවස ඉක්මන් කරනවා“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS