මෙරට අළෙවි වන බීම වර්ග සඳහා වර්ණ සංකේත භාවිතය නිසි ලෙස ක්‍රියාත්මක කර තිබේදැයි සොයාබැලීම සඳහා ඉදිරි සති දෙක තුළ දිවයිනේ සියලු ආපනශාලා විශේ...
මෙරට අළෙවි වන බීම වර්ග සඳහා වර්ණ සංකේත භාවිතය නිසි ලෙස ක්‍රියාත්මක කර තිබේදැයි සොයාබැලීම සඳහා ඉදිරි සති දෙක තුළ දිවයිනේ සියලු ආපනශාලා විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ආහාර ලේබල් කිරීමේ රෙගුලාසි පිළිබඳ අවධාරණය කිරීම සහ කාලීන සෞඛ්‍ය ප්‍රවණතා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
ඊට අදාළව පාසල් ආපනාශාලා පරීක්ෂා කිරීම් දින 02ක් පුරා සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එමෙන්ම දුර ගමන් සේවා බස් රථ නැවතුම් ස්ථානවල තිබෙන ආපනශාලා සම්බන්ධයෙන් පැමිණිලි විශාල ලෙස ලැබී තිබෙන බව පැවසූ ඒ අධ්‍යක්ෂවරයා එම ආපනශාලාවල ආහාර ප්‍රමිතිය, සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සති දෙකකට වරක් සොයා බලා වාර්තා කරන ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දන්වා ඇති බව ද පැවසීය.
එමෙන්ම ආහාර පනත තුළ පවතින බලතල යටතේ හා ආහාර උපදේශක කමිටුවේ ලද උපදෙස් අනුව බීම වර්ග සඳහා වර්ණ සංකේත නිසි ලෙස භාවිත නොකරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම බීමට ගන්නා සියලු පාන වර්ග වල සීනි ප්‍රමාණය පාලනය කිරීම මෙහි අරමුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව තුළ බොහොමයක් රෝග තුරන් කිරීමට කටයුතු කර ඇති නමුත් බෝ නොවන රෝග පාලනය කිරීම තවමත් අභියෝගයක් වී ඇති බවද ඒ මහතා පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව අතර සීනි පරිබෝජනය ඉහළ මට්ටමක පවතින බවත් දෛනිකව ග්‍රෑම් 60ට වඩා වැඩි සීනි පරිභෝජනයක් එක් අයකු සිදු කරන බවත් අධ්‍යක්ෂවරයා කියාසිටියේය.
මේ හේතුවෙන් බීම වර්ග සඳහා රතු ,කොළ සහ කහ වර්ණයෙන් සීනි ප්‍රමාණය සඳහන් කළ ලේබලයක් ඇතුළත් විය යුතු බවත් ඒ තුළ සීනි ප්‍රමාණය භාෂා තුනෙන්ම සඳහන් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS