දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සන්ධානය අලුත් වෙයි.. නායකත්වය චන්ද‍්‍රිකාට.. ලංසා හරහා ජනපති ලගට!
Homeප්‍රවෘත්ති

සන්ධානය අලුත් වෙයි.. නායකත්වය චන්ද‍්‍රිකාට.. ලංසා හරහා ජනපති ලගට!

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාලව පක්ෂ සහ දේශපාලනඥ...

මියයන පුද්ගලයින් ‘භූමදානය කළොත්’ වෛරසය භූගත ජලයට එක්වේ – ආණ්ඩුව පත් කළ කමිටුවේ සාමාජිකාවක් සියල්ල හෙළි කරයි
කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි
කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාලව පක්ෂ සහ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා රැසක් සිදු කෙරිණි. එම නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ලබා දීමට තීරණය කර තිබෙන අතර ඊට හිටපු ජනාධිපතිනියද කැමැත්ත පළ කර තිබේ.

කෙසේ වෙතත් සන්ධානයේ නායකත්වයට තනි තීරණයක් ගැනීමේ බලයක් නොමැති අතර සන්ධානයේ සියයට 50ක බහුතර බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසුලන අතර අනෙක් පක්ෂවලට සියයට 50ක බලයක් ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව සන්ධානයට නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර ඇති අතර සන්ධානගත වන පක්ෂ අනුව නායකත්ව මණ්ඩලය පත් කිරීමට නියමිතය.

මෙම සන්ධානය බුලත් කොලය ලකුණ හෝ පුටුව ලකුණ තෝරා ගැනීමට නියමිත අතර එය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත සූදානම් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද සිය පළමු රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය සමග සිටින කණ්ඩායම් ගණනාවක්ද ශ්‍රීලනිප නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර තිබෙන අතර සාකච්ඡා අවසන් වූ සැණින් නව සන්ධානයේ ප්‍රධාන රැස්වීමක් කොළඹදී පැවැත්වීමටද යෝජනා වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය පිළිබඳව තිලංග සුමතිපාල මහතා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර ඒ පිළිබඳ වහාම තීරණය කර දන්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ කමිටු, ඡන්ද ක්‍රියාකාරී කමිටු, ඡන්ද පොල නියෝජිතයින් පත් කිරීම ලබන මාර්තු 01 වැනිදාට පෙර අවසන් කරන ලෙසත්, ආසන බල මණ්ඩල, තරුණ, කාන්තා ඇතුළු අනුබද්ධ සංවිධාන ලබන ජනවාරි 31කට පෙර පිහිටුවා අවසන් කරන ලෙසත් ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ආසන සංවිධායකවරුන්ට  උපදෙස් දී තිබේ.

– Repoter
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සන්ධානය අලුත් වෙයි.. නායකත්වය චන්ද‍්‍රිකාට.. ලංසා හරහා ජනපති ලගට!
සන්ධානය අලුත් වෙයි.. නායකත්වය චන්ද‍්‍රිකාට.. ලංසා හරහා ජනපති ලගට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_8RHbsVw9XpkiFi7WM6JvR4D3_Q-zJwdNEdR_FbP4oWNmM6c4a2KKosdv3lgnjfKZDlKiz8wZficEO9beAWBlAOs6xmSoMxHlX-bDGUKtaimO8Lh1fPrR9eO5IdPxnsN5sqcVdRMzz_4wlmdKVjOA63Hqu7fdhVakZDGaD8V1QMJVt95eFoByRUz_rZyT/s320/454545-14.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_8RHbsVw9XpkiFi7WM6JvR4D3_Q-zJwdNEdR_FbP4oWNmM6c4a2KKosdv3lgnjfKZDlKiz8wZficEO9beAWBlAOs6xmSoMxHlX-bDGUKtaimO8Lh1fPrR9eO5IdPxnsN5sqcVdRMzz_4wlmdKVjOA63Hqu7fdhVakZDGaD8V1QMJVt95eFoByRUz_rZyT/s72-c/454545-14.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/01/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/01/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy