ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ ජන සටන පාද යාත්‍රාව අවසානයේ සතුට සහ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේක...
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කළ ජන සටන පාද යාත්‍රාව අවසානයේ සතුට සහ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමරවීර මහතා,"පා ගමනක් ගියා. අඩුම ගානේ 25,000ක් ගෙන්න ගන්න බැරිවුණා. ඒකෙදිත් කතා කරපු භාෂාවන්, අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා වගේම ජනතාවගෙන් සමාව ගන්න සිද්ධ වෙනවා. මේ අය දේශපාලනඥයින් කිරීම පිළිබඳව. හූ කියන එක ආරම්භ කළේ කුඩා පක්ෂෙක කෙනෙක්. නමුත් අවාසනාවකට ශ්‍රීලනිප පාක්ෂිකයොත් ඒකට සම්බන්ධ වුණා. එතකොට මේ පා ගමනේ අවසාන සතුට ඔවුන් ලබලා දුන්නේ එජාපයට" යි කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පක්ෂ නායකයින් විවේචනයට ලක්කළ පක්ෂ මූළස්ථානය ඉදිරිපිට අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයින් පිළිබඳව ඉදිරියේ දී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දුවක් ගන්නා බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS