ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියානු රජය හෝ ශී‍්‍ර ලංකා රජය කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියානු රජය හෝ ශී‍්‍ර ලංකා රජය කිසිඳු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් එය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පස්වරුවේ පන්නිපිටිය, ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වූ අවස්ථාවේදීය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවත් එය සාදනු ලැබුවහොත් තමන් ගොස් එය පුපුරුවා හරින බවත් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු පසුගියදා කියා සිටි බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ හැදුවොත් පුපුරුවන්නේ කොහොමදැයි එය ඇසූ තමාට සිනා පහළවූ බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "ඉන්දීය ආණ්ඩුවවත් ශ්‍රී ලංකා ආණ්ඩුවවත් එවැනි පාලමක් පිළිබඳව අද වෙනකල් කතා කරලා නෑ. පහුගිය මාසේ දකුණු ඉන්දියාවේ පැවති ප්‍රාන්ත මැතිවරණයේදී දකුණු ඉන්දීය දේශපාලනඥයින් ඡන්දය ලබාගැනීම සඳහා අපේ සමහර දේශපාලනඥයින් වගේ ඒ ඡන්ද දායකයින්ට කිව්වා අපි දිනපු ගමන් ලංකාවයි ඉන්දියාවයි එකතු කරන්න, යා කරන්න පාලමක් හදනවා කියලා. ඒක ඉතාම අසත්‍ය ප්‍රචාරයක්. ඒ අසත්‍යය ප්‍රචාරය අපේ රටේ සමහර දේශපාලනඥයින් ජනතාව නොමඟ යවන්න භාවිතා කරනවා." යි පැවසීය.
ඊයේ ගනේලන්ද රජමහා විහාරාධිපති සද්ධර්ම කීර්ති ශී‍්‍ර ධම්ම දස්සි සීනාදි සිව් කෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය තලවතුගොඩ විමලධම්ම නායක ස්වාමින් වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිති කර ගනිමින් විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකළ අභිනව රන් වැට හා වළාකුළු ප‍්‍රකාරය විවෘත කිරීම සහ විහාරස්ථාන පරිශ‍්‍රයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම ජනාධිතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ පුණ්‍ය උත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව සිදු කළ අතර ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් පේ‍්‍රමජයන්ත, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ.
වීඩියෝව පහතින්.
COMMENTS