ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (10) පෙරවරුවේ වී අලෙවි මණ්ඩලය වෙත ගොස් ඇති අතර එහිදී තරමක...
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (10) පෙරවරුවේ වී අලෙවි මණ්ඩලය වෙත ගොස් ඇති අතර එහිදී තරමක නොසන්සුන්තාවක් ද හටගෙන තිබේ.
රජය විසින් සහතික කළ මිලට වී මිලදී නොගැනීම නිසා ගොවීන් අර්බුද රැසකට මුහුණදී ඇති බව පවසමින් මෙම පිරිස ඊයේ එම මණ්ඩලය වෙත ගොස් ඇත්තේ වී අළෙවි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටය.
නමුත් අදාළ නිළධාරියා එම සාකච්ඡාවට පැමිණීමට ප්‍රමාදවීම නිසා එහිදී නොසන්සුන්තාවක් ද හටගෙන තිබේ.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහ වී ගොවීන් පිරිසක් එක්ව සිටියහ.
වීඩියෝව පහතින්.
COMMENTS