දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?
Homeප්‍රවෘත්ති

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

PropellerAds

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීම සඳහා පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත් ආරම්භ කිරීමට සැරසෙන බවට පාරිභෝගික අයිතිවාසිකම්...

නව ව්‍යවස්ථාවෙන් ජනපතිගේ බලතල පළාත් අමාත්‍යවරුන්ට පවරලා
'බිග් මැච්' තහනම් කරන්නැයි ඉල්ලීමක්
හෝමාගම නැනෝ උද්‍යානයට නව ඖෂධ නිෂ්පාදනාගාරයක්
ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීම සඳහා පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත් ආරම්භ කිරීමට සැරසෙන බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිති විතානගේ මහතා ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 1700000 ක් පමණ වන අතර 2019 ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛණවලට අනුව මෙරට පොල් තෙල් නිෂ්පාදනය මෙට්රික් ටොන් දහස් 44.06 කි. දේශීය පරිභෝජනය සදහා පොල් ගෙඩි බිලියන 1.8 ක් ද මීට අමතරව අපනයන නිෂ්පාදන කර්මාන්ත සදහා අවම වශයෙන් පොල් ගෙඩි බිලියනයක් අවශ්‍ය බවත් 2019 වසරේ මහබැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ගෙඩි බිලියන 3.08 කි. මෙයින් ගෙඩි බිලියන 1.80 ක් මාලුපොල් ලෙස ශ්‍රී ලාංකිකයින් විසින් පරිභෝජනය කරනු ලබන අතර ඉතිරිවන ගෙඩි බිලියන 1.28 දේශීය පොල් තෙල් නිෂ්පාදනය සදහා හෝ අපනයන නිෂ්පාදන සදහා යොදා ගන්නා බවත් දේශීය පොල් තෙල් අවශ්‍යතාවය සපුරා ලීමට අවශ්‍ය වන පොල් ගෙඩි ප්‍රමාණය බිලියන 1.7 ක් වූවත් මාලු පොල් පරිභෝජනයෙන් පසුව ඉතිරිවන ගෙඩි ප්‍රමාණය බිලියන 1.28 කි. මෙසේ ඉතිරිවන සියලුම පොල් ප්‍රමාණය උපයෝගී කරගෙන පොල් තෙල්නි ෂ්පාදනය කලද ගෙඩි බිලියන .42ක හිගයක් පවතීන බවත් ඉතිරිවන ගෙඩි මිලියන 1.28 දේශීය පොල් තෙල් අවශ්‍යතාවය පිරිමැසීම සදහා භාවිතා කරන්නනේ නම් පොල් මද ආශ්‍රිත අපනයන කර්මාන්ත නවතා දැමීමට රජය තීරණයක් ගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වර්තමාන රජය ඉතා මෑතකදී ගත් නිවරැදි තීරණයට අනුව පොල් තෙල් හා පාම් තෙල් ආනයනයේදී පොල් තෙල්වලට වඩා වැඩි බදු මුදලක් පාම් තෙල් සදහා අය කරනු ලබන බව ද පොල් තෙල් හා පාම් තෙල් කවලම් කිරීම වැලැක්වීම සදහා නීති ද පනවා ඇති බවත් පොල් තෙල් සදහා වන බදු මුදලට වඩා අඩු බදු මුදලක් පාම් තෙල් සදහා අයකිරීමට කටයුතු කල පසුගිය දශක කිහිපය පුරාම පොල්තෙල් වලට පාම් තෙල් කවලම් කිරීමේ මහාපරිමාණ ජාවාරම් රටපුරා ක්‍රියාත්මක වුණු බවට රංජිත් විතානගේ මහතා චෝදනා කරයි.

පසුගියදා කර්මාන්ත අමාත්‍යවරයා හමුවූ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයයැයි කියා ගන්නා ලද පිරිසක් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ පොල් තෙල් ආනයනය සදහා දැනට පනවා ඇති කිලෝ ග්‍රෑම් එකක් සදහා අය කරනු ලබන රුපියල් 125.00 ක බදු මුදල රුපියල් 290.00 දක්වා වැඩි කරන ලෙසයි.

පොල්තෙල් ආනයනය කිරීම සදහා වන දැනට ඇති බදු මුදල වැඩි කලහොත් පොල් තෙල් සදහා පනවා ඇති බදු මුදලට වඩා අඩු බදු මුදලක් පාම් තෙල් සදහා අය කරන බැවින් නැවතත් පොල් තෙල් සදහා පාම් තෙල් කවලම් කරනු ලබන ජාවාරම්කරුවන්හට හොද කල දසාවක් උදාවන බවත් මෙරට පොල් තෙල් පාරිභෝගිකයාට උදාවන්නේ නරක කල දසාවක් බව පෙන්වා දෙන එතුමා තවදුරටත් සදහන් කරන්නේ මෙරට පොල් මද ආශ්‍රිත අපනයනය කර්මාන්තයට එය අහිතකරව බලපාන අතර අපනයනය සදහා ඇණවුම් ලබාගෙන ඇති අපනයනකරුවන් ඉන් දැඩි අසීරුතාවයකට පත් වන බවයි.

දේශීය පොල් තෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සදහා පොල් තෙල් නිෂ්පාදනය කිරීමට පොල් ලබා ගැනීම නිසා පොල් මිලද තවත් ඉහළ යන අතර මෙරටට කොප්පරා ආනයනය කිරීම මෙම ගැටලුවට හොද විසදුමක් වන නමුත් එසේ ආනයනය කරනු ලබන කොප්පරා භාවිතා කරමින් දේශීය පොල් තෙල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන් සපුරාලීමට පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ට කිසිසේත්ම කල නොහැකි බව පසුගිය වසර කිහිපය තුළ ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව පිළිබද පොල් සංවර්ධන මණ්ඩලයේ ඇති දත්ත සාක්ෂි දරනු ඇති බවත් තවද
ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව පිළිබදව හා ව්‍යාපාරික කටයුතු පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා කම්කරු කාර්යාලයේ දත්ත ලබා ගෙන යම්කිසි නිගමනයකට පැමිණිය හැකි බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින් ආරක්ෂාකර ගැනීම සදහා මෙරටට කොප්පරා ආනයනය කිරීමට ඉඩ ලබා දී දේශීය පොල් තෙල් අවශ්‍යතාව ඔවුන්ට සපුරාලිය හැකි නම් එය ඉතා යහපත් වුව ද ඔවුන්ට දේශීය පොල් තෙල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි බව ඔහු පෙන්වාදෙයි.

පළමුව කොප්පරා ආනයනය කිරීමට අවස්ථාව සළසා දී දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ධාරිතාව පිළිබද නිසි අවබෝධයක් ලබා ගත යුතු බවත් එසේ නොකර දැනට පොල් සදහා ඇති බදු මුදල වැඩි කලහොත් දේශීය පොල් තෙල් කර්මාන්තකරුවනට නැවතත් සිදුවන්නේ පොල් කුරුට්ට කරකර පාම් තෙල්වලට කවලම් කිරීම සදහා තෙල් සෑදීම සදහා වන කාර්යයේ නිරතවීමට යැයි ඔහු සදහන් කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සොයා ගෙන ඇති කරුණු වලට අනුව තහවුරු වී ඇත්තේ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයයැයි හදුන්වා ගත් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන තැනැත්තා වෙනත් ව්‍යාපාර කටයුතු කර බංකොලොත්වී ඇති හා බැංකුවලට දේපොල සින්නවීමට යන පුද්ගලයෙකු බවයි.

ඔහු විසින් පසුගිය කාලයේ කිසිදු ප්‍රමාණවත් පොල් තෙල් නිෂ්පාදනයක් කර නොමැති අතර ඔහු සූදානම් වන්නේ අමාත්‍යවරයා ලවා පොල් තෙල් ආනයනය සදහා බදු වැඩිකර පාම් තෙල් ආනයනය කිරීමට සලස්වා පොල් තෙල්වලට පාම් තෙල් කවලම් කර තමන්ගේ ආර්ථික අවපාතයෙන් ගොඩඒමටය.

ඒ සදහා ඔහුගේ පළමු සැළසුම වූයේ ඔහුගේ ව්‍යාපාර ගොඩනැංවීම සදහා අවශ්‍යවන කැබිනට් අමාත්‍යධුරය ලැබෙනු ඇතැයි විශ්වාස කල අපේක්ෂකයෙකුට මහමැතිවරණයේදී සහය පළකිරීමයි. ඔහු එසේ සහය පළකරන ලද අපේක්ෂකයා මැතිවරණයෙන් ජයගෙන දැන් කැබිනට් අමාත්‍යධූරයක් දරනු ලබයි. ඔහුගේ දෙවැනි සැළසුම වූයේ දේශීය ව්‍යාපාරිකයින් වෙනුවෙන් සංගමයක් පිහිටුවාගෙන තම අරමුණ ඉටුකර ගැනීමයි. ඒ අනුව ඔහු විසින් අදාල අමාත්‍යවරයා ගොනාට අනදවා ඇති අතර ඔහු අමාත්‍යවරයාට පවසන්නේ පොල් තෙල් හා පාම් තෙල් කවලම් කිරීමට ගැසට්පතක් ඇති බවයි.

එසේ ගැසට් පත්‍රයක් ලංකාවේ නම් නැති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය දන්නා ගැසට් පත්‍රය නම් 2016/10/07 දින එළි දක්වන ලද අංක 1987/51 දරණ අති විශේෂ ගැසට්පත්‍රය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විත්නාගේ මහතා සදහන් කරයි.

එක් පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සදහා පාරිභෝගිකයින් වන ඔවුන්ද පොල් තෙල් වලට පාම් තෙල් කවලම් කර අනුභව කිරීමට කිසිසේත් කැමැති නැති බවත් පොල් තෙල් සදහා රුපියල් 125.00 ආනයන බද්දක් මීට පෙර යෝජනා කරන ලද්දේ මෙරට පොල් ආශ්‍රිතව නිෂ්පාදන කටයුතු කරනු ලබන සංගම් විසින්ම බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරන අතර එම තීරණය හකුලා ගන්නේ එක් පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට නම් මෙරට පාරිභෝගිකයාට හා අපනයන කර්මාන්ත කරුවනට දෙවියන්ගේ පිහිට පතන බවද ඔහුන් සදහන් කරයි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?
ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxacD3mjYRTxFW58G6_GjrCVXlqzuoHNL4SoYscp_OWBzo7yd8BoVIsga_ZF3-PfQSx7ck0AxuC1InPH6uv-J4owwtnGNdiWrmiQRNX4jvfk3RrdeJRjj24wLBZ49qcb3eYPUDKStSDAk/s320/plam-oil-srilanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxacD3mjYRTxFW58G6_GjrCVXlqzuoHNL4SoYscp_OWBzo7yd8BoVIsga_ZF3-PfQSx7ck0AxuC1InPH6uv-J4owwtnGNdiWrmiQRNX4jvfk3RrdeJRjj24wLBZ49qcb3eYPUDKStSDAk/s72-c/plam-oil-srilanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_682.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_682.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy