විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ සියලුම ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊය...
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ සියලුම ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ (14) වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී පැවත්විණි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙන්ම උතුරු පලාත් ජනතාවගේ ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටත්, පක්ෂයක් වශයෙන් ඉදිරියට ගමන් කළ යුතු පියවර සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවට සාකච්ඡාවට සහභාගි වූ දෙමළ ජාතික සන්ධාන ජනතා නියෝජිතයින් කියා සිටියහ.
මේ අතර මේ දිනවල උතුරු පලාතේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක්ද විපක්ෂ නායකවරයා හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.
COMMENTS