වී ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයක පිටුපස සහ රියදුරු අසුනට පිටුපස ලී කුඩු සහ දහයියා පුරවන ලද ගෝනි දමා ආවරණය කොට කුඹුක් හා තේක්ක දැව ප්‍රව...
වී ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයක පිටුපස සහ රියදුරු අසුනට පිටුපස ලී කුඩු සහ දහයියා පුරවන ලද ගෝනි දමා ආවරණය කොට කුඹුක් හා තේක්ක දැව ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයට හැකිවී තිබේ.
මහියංගණය, රිදීමාලියද්ද ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයේ දැව මෝලක් වෙත බලපත්‍ර නොමැතිව ඉතාමත් රහසිගතව අතුරු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් ගමන්ගෙන ඇති මෙම ලොරි රථය ඊයේ (09) රාත්‍රියේ අකුරණ බුලුගහතැන්න මාර්ගයේදී හසුකරගෙන ඇති අතර ලොරි රථය සහ එහි සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව පොලීසිය ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් දිසා අපරාධ මෙහෙයුම් ඒකකය විසින් මෙහෙයවයි.
ඡායාරූප පහතින්.
මහනුවර - කමල් සුරවීර
COMMENTS