පළාත් පාලන ඡන්දයේ සම්මුඛ පරීක්‍ෂණයට එන ලෙස ශ්‍රීලනිපයෙන් යැවූ ලිපි මාධ්‍ය ඉදිරිපිටදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන නියෝ...
පළාත් පාලන ඡන්දයේ සම්මුඛ පරීක්‍ෂණයට එන ලෙස ශ්‍රීලනිපයෙන් යැවූ ලිපි මාධ්‍ය ඉදිරිපිටදී ගිනි තැබූ කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයින්ගෙන් සමහරු පසුව සම්මුඛ පරීක්‍ෂණ සඳහා එම ලිපිද රැගෙන පැමිණි බව බස්නාහිර මහ අමැති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(08) කොළඹ 7, ශ‍්‍රාවස්ති මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම ලිපි මාධ්‍ය ඉදිරියේදී ගිනිතබන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් ප‍්‍රබලයෙකු කළ බලපෑමක් අනුව ලඟ තබාගත් පිටපත් රැගෙන ඇති බව පෙනෙන්නේ යැයි ද මහ ඇමතිවරයා සඳහන් කළේය.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පිරිසක් ඉදිරියේදී පක්‍ෂ නායකත්වය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ද ඉසුර දේවප‍්‍රිය මහතා පැවසූවේය.
ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවෙක් යන්නේ නැතැයි ඩලස් අලහප්පෙරුම මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ “ඩලස් ඇමතිතුමාත් ඒ එන ගොඬේ ඉන්න පුළුවන්. එතුමා එනවාද කියා මට දැන්ම කියන්න බැහැ. එතුමාත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. ඒ ගොඬේ හිටි ගොඩක් අය පස්සේ අපේ පැත්තට ආවා.“ යනුවෙනි.
එසේ එන පිරිස කවුරුන්ද යන්න ගැන ඔවුන් පැමිණි පසු දැනගත හැකි බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා කීවේය.
COMMENTS