යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ජනාධ...
යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටි.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමාපියන් පිරිසක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
පසුගියදා විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
මෙහිදී අදහස් දැක්වූ උපකුලපතිනි වසන්ති අර්සරත්නම් මහත්මිය සඳහන් කළේ විශ්ව විද්‍යාලය තූළ යළිත් කිසිසේත් එවන් සිදුවීමක් ඇති නොවන ආකාරයට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවයි.
ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් වගකියන බව මෙහිදි ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක ඒ පිළිබද සංවේදිව කටයුතු කරන ලෙස පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙන බව ද සදහන් කළේය.
විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශිෂ්‍යයින්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.
උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුලු නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS