දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකගත යුතුයි' - රෙජිනෝල්ඩ්
Homeප්‍රවෘත්ති

'විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකගත යුතුයි' - රෙජිනෝල්ඩ්

PropellerAds

ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ ආබාධිත සංගමය මගින් තෙවැනි වරට පවත්වනු ලබන බාල දක්ෂිකා කදවුර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභා...

20 අවිනිශ්චිතයි : පළාත් සභා මැතිවරණය කඩිනමින්.
ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?
සිංගර් ඉතිහාසය වෙනස්‌ කළ ධම්මික පෙරේරාගේ රු 500ය.
'විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකගත යුතුයි' - රෙජිනෝල්ඩ්

ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ ආබාධිත සංගමය මගින් තෙවැනි වරට පවත්වනු ලබන බාල දක්ෂිකා කදවුර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගීත්වයෙන් යාපනය කයිතඩි නෆීර් පාසලේදී ඊයේ (31) ආරම්භ වූ අතර එය මෙම මස 04 වැනිදා දක්වා පැවැත්වේ.

එහි සාමාරම්භක දිනය සනිටුහන් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූ අතර මෙම බාල දක්ෂිකා කදවුරට උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර යන පළාත්වල සිටින විශේෂ අවශ්‍යතා සහිත බාල දක්ෂිකාවන් 190 ක් ඇතුළුව සියලුම බාල දක්ෂිකාවන් 250ක් පමණ සහභාගී විය.

මෙම විශේෂිත ළමුන් සදහා ඔවුන් රැක බලාගන්නේ කෙසේද? ආහාරපාන ලබා දෙන්නේ කෙසේද? ඔවුන්ට සංවේදීව කටයුතු කරන්නේ කෙසේද? ඔවුන් ක්‍රියාශීලීව කටයුතු කරවන්නේ කෙසේද?යන්න පිලිබදව ඔවුන්ගේ දෙමවුපියන්, වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද යාපනය දිස්තික්කයේ සිටින විශේෂ වෛද්‍යවරු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබන අතර පසුදින ක්‍රියාකාරකම් දිනයක් ලෙස නම් කර තිබිණ.

එබැවින් යාපනය නගරයේ ඇති සුවිශේෂ ස්ථාන හා නගරයේ අලංකාරිත්වය නැරඹීමට ඔවුන් රැගෙන යාමක් ද ඔවුන්ගේ දක්ෂතා එලි දැක්වීමට හැකි අයුරින් රාතී‍්‍ර ගිනිමැළ සංදර්ශනයක් ද සංවිධානය කර තිබේ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියාසිටියේ මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත අසරණ ළමුන් සදහා මෙවනි කදවුරක් පැවැත්වීම තුලින් ඔවුන්ගේ දක්ෂතා එලි දැක්වීමටත් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමටත් මහත් පිටිවහලක් වන බවයි.

තවද මොවුන් අප විසින් ආදරයෙන් රැකබලා ගත යුතු බවත් ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව සියලු ලෝ වැසියන්ට කිසිම ආත්මයක මෙවැනි තත්ත්වයක් උදා නොවේවායි ප්‍රර්ථනා කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

ඡායාරූප පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකගත යුතුයි' - රෙජිනෝල්ඩ්
'විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකගත යුතුයි' - රෙජිනෝල්ඩ්
http://ift.tt/2aG8x9k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy