පසුගිය ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමයට අය විය යුතු රුපියල් මිලියන 143ක මුදල...
පසුගිය ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමයට අය විය යුතු රුපියල් මිලියන 143ක මුදලක් ලබානොදීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් වගඋත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ(30) නියෝග කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් පැමිණිල්ලේ නීතිඥවරු පැමිණිල්ල සංශෝධනය කිරීමට අවසර ඉල්ලීම ඊට හේතුවයි.
වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට නොවැම්බර් 22 දක්වා කල් ලබාදීමට වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා තීන්දු කළේය.
COMMENTS