දිවියට සරණක් පදනමේ 16 වන වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන ලබන 13 සහ 14 යන දිනයන්හි හිඹුටාන, අංගොඩ ප්‍රදේශයේදී පැවැත්වේ. මෙම සමාජ සත්කාරක වැ...
දිවියට සරණක් පදනමේ 16 වන වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන ලබන 13 සහ 14 යන දිනයන්හි හිඹුටාන, අංගොඩ ප්‍රදේශයේදී පැවැත්වේ.
මෙම සමාජ සත්කාරක වැඩසටහන 13වනදා රාත්‍රි පවත්වනු ලබන ධර්ම දේශනාවෙන් ආරම්භ වේ. සමාජ සත්කාරක වැඩසටහන කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 14 වනදා පෙරවරුවේදී පැවැත්වේ.
‘රටට සාමය උදාවූවා සේම රටට සෞභාග්‍යය උදාවේවා සමාජය යහ ගුණ දහමින් පිරී යත්වා‘ යන්න මෙවර පිංකමේ අරමුණ බව දිවියට සරණක් පදනමේ නිර්මාතෘ වෛද්‍යචාර්ය කැලුම් වීරසිංහ මහතා පවසයි.
මරණයට කැපවු ගවයින්ට අභය දානය ලබා දීම, දහම් පාසල් සදහා අධ්‍යපනික උපකරණ ලබාදීම සහ නිල ඇදුම් සදහා රෙදි ලබාදීම, අඩු ආදායම්ලාභීන් සදහා වියලි ආහාර පාර්සල් ලබාදීම සහ ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම, කුඩා දරුවන් සදහා දේවදානය පිරිනැමීම ඇතුළු කටයුතු මෙහිදී සිදු කෙරේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සෝභිත රාජකරුණා, ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසුරිය, සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී ආරියරත්න, කොළඹ නාලන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ධර්මා ගුණසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
COMMENTS