යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය නිල සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍ය...
යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය නිල සංචාරයක් සඳහා හෙට (14) දිවයිනට පැමිණීමට නියමිතය.
ඇය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
2030දී මෙරට ස්ථීර සාමය සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීම අධ්‍යක්ෂක ජනරාල්වරියගේ සංචාරයේ අරමුණ වී තිබේ.
ඇගේ සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
එමෙන්ම බොකෝවා මහත්මිය විදේශ අමාත්‍ය මංගල සමරවීර, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, වයඹ සංවර්ධන හා සංස්කෘති අමාත්‍ය එස්.බී නාවින්න යන මහත්වරුන් සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මේ අතර සීගිරිය ඇතුළු ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන 08ක් නිරීක්ෂණය කිරීමට ද යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය එක්වීමට නියමිතය.
මීට අමතරව අගෝස්තු 16 වනදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැත්වෙන සාමය හා සංවර්ධනය පිළිබඳ විශේෂ දේශනයකට ද ඇය එක්වනු ඇත.ත
COMMENTS