පළමුවරට උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයින්ගෙ සමුළුවක් ලබන 22 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සම්බන්ධීකරණ කටයුතු සඳහා විශේෂ...
පළමුවරට උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයින්ගෙ සමුළුවක් ලබන 22 වෙනි දින පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සම්බන්ධීකරණ කටයුතු සඳහා විශේෂ කාර්යාලයක් යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවීමට නියමිතය.
මේ අතර European External Action Service හි Regional Officer, Jordi Carrasco - Munoz මහතා පසුගිය අගෝස්තු මස 03 වෙනි දින සිට 05 වෙනි දින දක්වා උතුරු පළාතේ සංචාරය කළ අතර ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවිය.
මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම නැවත පදිංචි කිරීම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාතේ පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්, රැකියා විරහිතභාවය, උතුරු පළාතේ පළමුවරට පැවැත්වෙන ආයෝජකයින්ගේ සමුලුව, ඉන්දියානු ධීවර ගැටලුව සහ ලංකාවෙන් ඉන්දියාවට සංක‍්‍රමණය වන ධීවරයින් යනාදී කරුණු පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.
COMMENTS