උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු සෙසු අමාත්‍යවරුන් හතර දෙනාටම එල්ල වී ඇති දුෂණ හා වංචා පිළිබදව සොයා බැලීමට සිව්දෙනෙකුගෙන් සමන්ව...
උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු සෙසු අමාත්‍යවරුන් හතර දෙනාටම එල්ල වී ඇති දුෂණ හා වංචා පිළිබදව සොයා බැලීමට සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට උතුරු පළාත් සභාව ඊයේ (16) තීරණය කොට තිබේ.
පළාත් සභා රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු යැයි ප්‍රධාන අමාත්‍යවරයා කී අවස්ථාවේදී විවාදයක් ආරම්භ වුවත් බොහෝ මන්ත්‍රීවරු පෙන්වා දෙනු ලැබුවේ ප්‍රධාන අමාත්‍යවරයාද අමාත්‍යාංශ කිහිපයක් නියෝජනය කරන බැවින් විවාදයකට වඩා ඒ පිළිබදව කමිටුවක් පත්කොට ඉන් ලැබෙන වාර්තාව අනුව පරීක්ෂණ පැවැත්වීම උචිත බවයි.
ප්‍රධාන අමාත්‍යවරයා ඊට මුලින් විරුද්ධ වුවත් පසුව ඔහුද කමිටුවක් පත් කිරීමට එකග වී තිබේ.
ඒ අනුව විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙකු ප්‍රමුඛව හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මේ සදහා පත් කර තිබේ.
උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යවරුන් හතර දෙනාටම මහජනතාවගෙන් ලිඛිතව හා වාචිකව චෝදනා රැසක් එල්ල වී ඇති අතර ඉන් බොහොමයක් මුදල් වංචා කිරීම හා අල්ලස් ඉල්ලා සිටීම පිළිබදව පැමිණිලි බව වාර්තාවේ.
දිනසේන රතුගමගේ
COMMENTS